A9 මාර්ගයේ දරුණු රිය අනතුරක්. තිදෙනෙකු මරුට !

Date:

අද (15) අළුයම A9 මාර්ගයේ මාන්කුලම්, පනිච්චන්කුලම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මරුමුවට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

වෑන් රථයක් නවතා තිබුණු ලොරි රථයක පසුපස ගැටී, එම ලොරි රථය ඉදිරියේ තිබුණු තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුපස ලොරි රථයේ රියදුරා ලොරි රථයෙන් බැස සිට ඇති අතර ඔහු ලොරි රථ දෙකට මැදිවීමෙන් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම ලොරි රථයේ පසුපස ගමන්ගත් පුද්ගලයෙකු සහ වෑන් රථයේ ඉදිරි අසුනේ ගමන්ගත් පුද්ගලයකු ද බරපතළ තුවාල ලබා මාන්කුලම් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචි තිදෙනෙකි.

එමෙන්ම වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මාන්කුලම රෝහලට ද ඇතුළත් කර ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

(ඡායාරූපය – Accident 1st)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...