හවායි හි ලැව්ගිනි පුපුරු අස්සෙන් තවමත් සොයන ජීවිත!

A view of flames as wildfires engulfed the historic town of Lahaina, Maui, Hawaii, U.S. August 9, 2023. Erin Hawk/Handout via REUTERS

හවායි හි ගිනිගත් නිවාස සහ වාහන හරහා ගමන් කරන ප්‍රතිසාධන කාර්ය මණ්ඩලය දිනකට වින්දිතයින් 10 ත් 20 අතර ප්‍රමාණයක් සොයා ගන්නා බවට අනතුරු අඟවා තිබේ.

ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 99 ක් වන අතර එය සියවසකට වැඩි කාලයක් තුළ එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ලැව්ගින්න බවට පත් වී ඇත.

ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් CBS ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් සම්පූර්ණ මරණ සංඛ්‍යාව දැන ගැනීමට දින 10 ක් ගතවනු ඇති බවත්, මේ වන විට අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1300ක් පමණ වන බවත් පැවසීය.

පසුව ඔහු මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගින්නෙන් විපතට පත් 25% ප්‍රදේශයෙන් මළ සිරුරු සෙවීමට කටයුතු කර ඇති බවයි.

සටහන – නිපුනි ලියනගේ