මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක්ද ?

Date:

ජිජැක් තමන්ගේ ‘පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය’ (Revolt of the Salaried Bourgeoisie – 2012) ළිපියේ මෙහෙම කියනවා.

බිල් ගේට්ස් දශකයක් ඇතුළත මෙච්චර පොහොසතෙක් උනේ කොහොමද? එයා කළේ මෙච්චර කල් පුද්ගල දක්ෂකම් එක්ක හිටිය ප්‍රසිද්ධ බුද්ධිමතුන්/වෘත්තිකයින් ගණනාවක් තමන්ගේ පුද්ගල අයිතිය යටතට අරගෙන ඒක පුද්ගල දේපලක් කරගත්ත එක. ඉතින් එයා ඒ බුද්ධිමතුන් සූරගෙන කෑවා.

ඉතින් මේ යුගයේ ලොකුම අභියෝගය තමයි බුද්ධිමය දේපළ පොදු අවකාශයක පාවිච්චි වෙන්නේ කොහොමද කියන එක. ශ්‍රමිකයින්ට බලකෙරිලා තියනවා තමන් ජීවත් වෙන වාස්තවික තත්වයෙන් ශ්‍රමය වෙන්නොකර බොරු විශ්වීය තත්වයක් ඇතුලේ ඉඳන් සූරාකෑමට ඉඩදෙන්න. කැමැත්තෙන්ම.

මේකට කියන්න පුළුවන් කම්කරුවා සහ හිමිකරු (සූරාකනු ලබන්නා) අතර ඝට්ටනයක් රහිත ධනවාදයක් (frictionless capitalism) දැන් ඇතිවෙලා තියනවා කියල.

බිල් ගේට්ස් ළඟ වැඩකිරීම වරප්‍රසාදයක් ලෙස දැකීම යනුම මෙම සූරාකෑමේ ඝාතීය වර්ධනය (exponential growth) යනු කුමක්දැයි පැහැදිලි කරන අවස්ථාවක්.

දැන් යම් දේශපාලන පක්ෂයක් එයාලගේ පොතක කවරෙට දැම්ම ෆොටෝ එක නිසා යම් ඝට්ටනයක් ඇතිවෙලා තියනවා. ඝට්ටන රහිත ධනවාදයක් වෙනුවට ඒක හොඳයි.

වර්තමාන මාක්ස්වාදය ඇතුලේ බුද්ධිමය දේපළ ගැන මෙච්චර කතාබහක් තියෙද්දිත් මාක්ස්වාදය ම බුද්ධිමය ශ්‍රමය සූරාකන්නේ නම් අපිට අහන්න තියන ප්‍රශ්නේ මේක.

මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක් ද?

(අදාල දේශපාලන පක්ෂය කරන හැමදේම විවේචනය කිරීමක් මින් අදහස් නොවේ).

~ මහේෂ් හපුගොඩ

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!