දේවගැති ජෙරම්ගේ දෙමාපියෝ සමාව ගනී

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දෙමාපියෝ අද (18) සමාව අයැද සිටියේ රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට පැමිණ පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් බැහැදකිමිනි. ඒ සිය පුත්‍රයා ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙනි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති පසුබිම මත වුවද, දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වන විටත් සිටින්නේ රටින් පිටව වන අතර ඔහුට  ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේවගැතිවරයා සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන සිදුකරමින් සිටින බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...