සමරිසි අයිතීන් වෙනුවෙන් පෙනී සිටි එකම තනි දේශපාලඥයා මංගල: බුද්ධික පතිරණ

පසුගිය දින පාර්ලිමේන්තුවේ දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයට ශෝකය ප්‍රකාශ කිරීමේ වටයක් පැවැත්විනි.

මෙම අවස්ථාවට එක්වෙමින් පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරුන් හිටපු අමාත්‍යවරයාගේ ගුණ වර්ණනා කිරීම දක්නට ලැබිණි.

දේශපාලන දැක්ම කුමක් වූව ද, ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය වැනි කරුණු බොහොමයකට එක එල්ලේ විරුද්ධ වූ රැඩිකල් මතධාරී තනි සටන්කරුවකු ලෙස සමරවීර මහතා දේශපාලන පිටිය තුළ ඉටුකළ භූමිකාව බොහෝ දෙනෙක් සිහිපත් කළහ.

මෙම අවස්ථාවට එක්වෙමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ කුයර අනන්‍යතා දරන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි පළමු සහ එකම ‘තනි දේශපාලඥයා’ මංගල සමරවීර මහතා බවයි.

තමා එම ප්‍රජාවට අයත් පුද්ගලයකු නොවූව ද, ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ කුයර අනන්‍යතා දරන පුද්ගලයන්ගේ මානව හිමිකම් ආරක්ෂා විය යුතු බව තමා ද විශ්වාස කරන බව බුද්ධික පතිරණ මහතා මෙහිදී පවසා සිටියේය.

මංගල සමරවීර මහතා සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ කුයර අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ එම ප්‍රජාවන් හට හිංසනයන් හා වෙනස්කොට සැලකීම් සිදුවන කාලවකවානුවක බව පෙන්වා දෙන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා, වරක ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට ‘සමනලයා’ යැයි අපහාස කරන විට තමා එය ආඩම්බරයෙන් බාරගන්නා බව සමරවීර මහතා පැවසූ බව ද සිහිපත් කළේය.

සංස්කාරක (LGBTIQ)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...