ශ්‍රීලනිපයේ අර්බුදය දරුණු වෙයි. දයාසිරිට සමුළු කැපිල්ලක් !

හෙට්ටිපොල ප්‍රදේශයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව කොළඹදී පැවැත්වීමට තීරණය කිරීමත් සමග ශ්‍රීලනිපය තුළ නැවතත් ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වේ.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ සංවිධායකත්වයෙන් පක්ෂ සංවත්සර සමුළුව ලබන මස 02 වනදා හෙට්ටිපොළදී පැවැත්වීමට මුලින් පක්ෂය තීරණය කර තිබුණු නමුත් ආණ්ඩුවට එක්ව ඇමතිකම් ලබාගෙන සිටින පිරිසගේ ඉල්ලීම මත එම තීරණය හදිසියේම වෙනස් කර එම සංවත්සර සමුළුව ලබන මස 03 වනදා ශ්‍රී ජයවර්ධනපුර, මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තීරණයක් ගෙන ඇති බව සඳහන්.

මෙසේ පක්ෂ සංවත්සර සමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබුණු ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා දැඩි විරෝධය පළකර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

විශේෂයෙන්ම හෙට්ටිපොලදී සමුළුව පැවැත්වීමට අදාළව ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබී ඇති අතර එම කමිටුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවතාවක් රැස්වී සාකච්ඡා කර ද තිබේ. ඒ අනුව හෙට්ටිපොලදී සමුළුව පැවැත්වෙන බවට පක්ෂ සංවිධායකයින්ට ආරාධනා පත්‍ර ද යවා තිබියදී හදිසියේම එය කොළඹට ගෙනයාමට කටයුතු කිරීම විමතියට කරුණක් බවයි දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ.

මේ අතර ආණ්ඩුවට එක්ව සිටින පිරිසගේ ඉල්ලීම වී ඇත්තේ මෙම සංවත්සර සමුළුව දයාසිරි ජයසේකරගේ ඡන්ද බල ප්‍රදේශයට ගෙන නොයා, කාටත් පොදු ප්‍රදේශයක පැවැත්විය යුතුයි යන්න ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී