හංගේරියාවේ බුඩාපේස්ට් හී ඇරඹි ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී නෙදර්ලන්තය ජයග්‍රාහී රේඛාව පෙනි පෙනී දෙවරක්ම ඇඳ වැටෙනු දැකීම සුවිශේෂී සිදුවීමක් විය.පළමුව මීටර් 10000 කාන්තා අවසාන තරගයේදී නෙදර්ලන්තයේ සැතපුම දිවීමට මෙන්ම පැයක කාලයකදී වැඩිම දුරක් දිවීම සඳහාද ලෝක වාර්තාව උසුලන ලෝ ප්‍රකට සිෆාන් හසන් ජය පෙනී පෙනී ඇදි වැටීම නිසා කිසිඳු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.එම සිදුවීමෙන් ඉනික්බිතිව පැවති මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගයේදී ද අවසානය පෙනි පෙනී ෆෙම්කේ බොල් ඇඳ වැටීම නිසා නෙදර්ලන්තයට කිසිඳු පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූ අතර ඇමෙරිකාව රන් පදක්කමට හිමිකම් කීවේ විනාඩි 3:08.80 ක් නව ලෝක වාර්තාවක්ද සමඟින්ය.
සිෆාන්ගේ ඇඳ වැටීම නිසා කාන්තා මීටර් 10000 තරගයේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ඉතියෝපියාවට හිමි විය.ගුඩාෆ් ටිසෙගේ සමඟ අවසාන මීටර් කිහිපයේ දී ඇය කරට කර ධාවනයේ යෙදෙද්දී සිරුරේ සමබරතාවය බිදී ඇඳ වැටෙන අතර රන් හෝ රිදී පදක්කම හිමි වීම පැහැදිළිව දකින්නට ලැබුණු සිෆාන්ට ඒ අනුව හිමි වූයේ තරගයේ 11 වන තැනය.ට්සෙගේ අවසාන මීටර් කිහිපයේදී මුළු අවධානයම තරගයේ ධාවනය කෙරෙහි යොදා ගෙන තිබුණ අතර සිෆාන් පසුකර යාමට උත්සාහ කරන විට කිහිපවරක්ම සිය ලැම පෙදෙසේ සිෆාන්ගේ අත තදින් වැදුණ ද ට්සෙගේ අවධානය බිඳක් හෝ වෙනස් නොවන බව රූප රාමුවලින් පැහැදිළි වන්නේය.නමුත් සිෆාන් අවසාන මීටර් කිහිපය පෙනි පෙනී ඉතියෝපියානු ක්‍රීඩිකාවන් ගැන සසල සිතින් ධාවනයේ යෙදෙන අතර මනස ද සසල වී ඇස් වෙනත් පැති දෙස යොමුවන ආකාරයක්ද දැකිය හැකිය.
වීඩියෝවට පිවිසෙන්න
https://www.youtube.com/watch?v=ijjx84nGP8I
මීටර් 400 මිශ්‍ර ඔලිම්පික් රන් පදක්කම සහිතව තරගයට ඉදිරිපත් වූ පෝලන්තයට ද අවසාන තරගයට ඉදිරිපත් වීමේ අවස්ථාව උදා වුණේ ඇඳවැටීම් නිසා සිඳු වූ බාධාවන් හේතුවෙන් කාලය සළකා නොවේය.ඔවුන් ඉදිරිපත් කරන ලද අභියාචනයක් අනුවය. .එහිදී අවසාන යශ්ටි හුවමාරුවේදී ජර්මණිය වෙනුවෙන් යශ්ටිය රැඟෙන ආ ජර්මණියේ ජීන් පෝල්,ස්කේඩ් ෂීචර් අතට යශ්ටිය පත් කිරීමෙන් පසුව සමබරතාවය ගිලිහී ධාවන පථය මැදට ඇඳ වැටිණ.ඔහු ඇඳ වැටුණේ පෝලන්තය වෙනුවෙන් අවසාන මීටර් 400 ධාවනයට යශ්ටිය ගත් ප්රැක්ටික්ජා ගේ ධාවනයට බාධාවක් ඇතිවන ආකාරය මෙහි ඇති ඡායාරූපයෙන්ද පැහැදිළි වන අතර රූප රාමුවලදී වඩාත් පැහැදිළි වන්නේය.මේ හේතුව නිසා රිදිමය මෙන්ම ආරම්භක වේගයද බිදී ගිය ප්රැක්ටික්ජාට ඉසව්ව නිමා කරන්නට සිඳු වුණේ එම මූලික තරගයේ අන්තිමයා ලෙස ය.එහෙත් සිඳු වූ බාධාව සැළකිල්ලට ගෙන පෝලන්තයට අවසාන තරගයට සහභාගි වන්නට අවස්ථාව ලැබුණ ද නෙදර්ලන්තය තරගය නිමා නොකළ බව සඳහන් වීම නිසා තරගය නිමා කළ කණ්ඩායම් අතරින් පෝලන්තයට හිමි වූයේ අවසාන තරගයේ අවසාන තැනය.
එසේම එම ඔලිම්පික් තරගයේ දී රිදී පදක්කම දිනා ගත් ඩොමිනිකන් රාජ්‍යය තරගයට වාර්තා කරේ නැත.පෝලන්තයට අවස්ථාව නොලැබිණි නම් ඔල්මිපික් රන් පදක්කම සහ රිදී පදක්කම දිනූ රටවල් දෙකම නැති අවසාන තරගයක් ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදී දැක ගන්නට ලැබෙන්නට තිබිණ.මේ තරග වාරයේ හොඳම කාලය වාර්තා කරමින් පළමු මූලික තරගය ජය ගනිමින් අවසාන තරගයට පිවිස අවසාන තරගයේදී ලෝක වාර්තාවක් තැබූ ඇමෙරිකාව ඔල්මිපික් තරගයේදී ලෝකඩ පදක්කමේ උරුමකරුවෝය.
මීටර් 400 මීශ්‍ර සය දිවීමේ ඔලිම්පික් අවසාන තරගය නියෝජනය කළ ජැමෙයිකාවට ද ජර්මන් ක්‍රිඩකයාගේ ඇඳ වැටීම යම් ආකාරයකට බලපෑමක් ඇති කළ අතර එම කණ්ඩායම ද අවසාන තරගයට එක් නොවුණි.ලෝක සූරතා තරගයේදී පෝලන්තයට බාධාවක් වූ ජර්මණිය ඔලිම්පික් අවසාන තරගයද නියෝජනය කළ කණ්ඩායමක් වුව ඔවුන් එදා තරගයෙන් නීිති විරෝධි තත්ත්වයක් පදනම් කරගෙන ඉවත් කරන්නට යෙදිණි.
මෙවර ලෝක මලල ක්‍රීඩා උළෙලේ පළමුවරට සිය රටේ ජාතික ධජය ඉහළින් තබමින් ස්වර්ණමය අයිතියක් අත්පත් කර ගත්තේ ස්පාඤ්ඤයේ අල්වරෝ මාටින් ය. තුන් වතාවක් ලෝකඩ පදක්කම් දිනා සිටි පෙර්සුවස් කාර්ල්ස්ට්රොම් මෙවර රිදී පදක්කම දක්වා ඉහළ ගියේ, පැය 1:17:39 කින් ඉසව්ව නිමා කර රිදී පදක්කමට උරුමකම් කියමින්ය. බ්‍රසීලයේ කායිඕ බොන්ෆිම් 1:17:47 කින් ලෝකඩ ලබා ගැනීමට සමත් විය. එසේම මාටින් මෙම තරගයේදී වාර්තා කළ කාලය වූ විනාඩි 1:17.32 මේ වසරේ එම ඉසව්වේ හොදම කාලය ලෙස ද වාර්තා විය’
දිනය නිමාවේ රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟ පෙරමුණට එන්නට ඇමෙරිකාවට හැකිවිය.මීටර් 400 මිශ්‍ර සහය රන් පදක්කමට අමතරව පිරිමි යගුලිය වීසි කිරීමේ තරගයේදී රයන් ක්‍රෝසර් රන් පදක්කම සහ ජෝ කොවැක්ස් ලෝකඩ පදක්කම දිනා ගත්හ.දෙවන තැනට සිටින්නේ ඉතියෝපියාවය.ඒ රන් රිදී සහ ලෝකඩ පදක්කම බැඟින් දිනා ගෙනය.ඊයේ දිනයේ බෙදී ගිය රන් පදක්කම් හරෙන් ඉතිරි රන් පදක්කම තරගවලියේ පළමු රන් පදක්කම ලෙස ස්පාඤ්ඤයේ මාර්ටින් අල්වාරෝ දිනා ගත්තේය.
සටහන – නිෂ්මං රණසිංහ