*
Friday, May 23, 2025
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/20

1. මෙරට ළමා හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනාගෙන 06 දෙනෙකුම දිවයින හැර ගොස් ඇති අතර, මෙමඟින් ශ්‍රී ලංකාවේ ළමා හෘදරෝග සේවාවේ කලමනාකරණයේ දරුණු අර්බුදයක් මතුව ඇති බවට විශ්වාසනීය ආරංචිමාර්ග සඳහන් කරයි: සම්මත වශයෙන් සිටිය යුතු පූර්ණ සුදුසුකම් ලත් ළමා හෘදරෝග විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 20 ක් බව ද සඳහන්.

2. ජූලි 19 වන දිනට, 2023 වර්ෂයේ හඳුනාගත් සමස්ත ඩෙංගු ආසාදන සංඛ්‍යාව 60,136 බව වසංගත රෝග ඒකකය පවසයි: වැඩිම ආසාදන සංඛ්‍යාවක් ලෙස 12,886 ක්ම වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප 43 ඩෙංගු ව්‍යාප්තිය සඳහා අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇත: 2023 ජනවාරි සිට ඩෙංගු ආශ්‍රිත මරණ 38 වාර්තා වී ඇත. 

3. ඉකුත් වසර තුළ වී මිලදී ගැනීම සඳහා රජය විසින් රු. බිලියන 13 ක් වැය කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි: මිලදී ගත් වී තොග සහල් බවට පත්කොට දිවයින පුරා අඩු ආදායම් පවුල් මිලියන 2.9 කට නොමිලේ බෙදා දීමට කටයුතු යොදා ඇති බව පවසයි: වී අලෙවි මණ්ඩලයට තම අස්වැනු විකිණීම ප්‍රතික්ෂේප කළ ගොවියන් නිසා වර්ජන අර්බුදයක් මතුව ඇති බව ද පවසයි.  

4. වැඩි මඟී ආගමනයක් සිදුවන කාලවල (peak hours) මඟීන්ගේ පහසුව සඳහා ඉකුත් සතියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සැහැල්ලුකළ ආරක්ෂක විධිවිධාන නිරීක්ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි: ගුවන් තොටුපොලේ බිම්මට්ටමේ සැලැස්ම පිළිබඳ ගුවන් තොටුපොල හා ගුවන් සේවා සභාපති ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි සමඟ සාකච්ඡාවක නිරත වෙයි.

5. දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමඟ පැමිණි පිරිසක් කුරුන්දි විහාරයට පැමිණ පොංගල් පූජාවක් පැවැත්වීම හමුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ: තත්ත්වය පාලනය කළ බව පොලීසිය පවසයි.

6. මෙරට ඩොලර් සහ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ඉරානය වෙත තේ ලබා දෙන බවට පොරොන්දු වී ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉකුත් වසරේ මුල් කාලය තුළ සමත් වූව ද, ශ්‍රී ලංකා රජය තවමත් එම පොරොන්දුව ඉටු කිරීමට අසමත්ව ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි.  

7. යෝජිත කම්කරු නීති සංශෝධන අමානුෂික බව හෝටල් සේවකයන්ගේ මධ්‍යස්ථානයේ සභාපති ජනක අධිකාරි චෝදනා කරයි: යෝජිත කම්කරු නීති සංශෝධනය යටතේ හෝටල්වලට අර්ධ-කාලීන සේවකයන් බඳවා ගැනීමට රජය අවස්ථාව සලසා දී ඇති බව ද පවසයි.

8. නියඟය හේතුවෙන් පීඩාවට පත්ව තිබෙන වනජීවී උද්‍යාන තාවකාලිකව වසාදැමීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය විසින් තීරණයක් ගන්නා තුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලා සිටින බව එම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පවසයි.

9. IPL 2024 ක්‍රිකට් තරඟවාරය සඳහා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ෂේන් බොන්ඩ් වෙනුවට හිටපු ශ්‍රී ලංකා පන්දු යවන්නකු වන ලසිත් මාලිංග පත් කර තිබේ: මාලිංග 2021 දී ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණුකරු ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙත යාමට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමඟ IPL ශූරතා 5 ක් දිනා ඇත.

10. ඉසිපතන විද්‍යාලය ලකුණු 28-17ක් ලෙස පරාජයට පත්කරමින් සාන්ත පීතර විද්‍යාලය පාසල් රග්බි ශූරතාව දිනා ගනී: මෙම ජයග්‍රහණයත් සමඟ සාන්ත පීතර විදුහල 2010 වසරෙන් පසු සිය පළමු පාසල් රග්බි ලීග් ශූරතාව තහවුරු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan