සියල්ල අත්හැරීමට ඉගැන්වූ දහමක නටඹුන් බදාගෙන මරාගැනීමට යෑම… (කුරුන්දි කථාවස්තුව)

Date:

යම් භූ කලාපයක යම් නිශ්චිත සංස්කෘතික ප්‍රජාවක් ජීවත්වෙයි නම් එහි පැවතිය යුතු ඇදහිලි මොනවාද යන්න තීරණය කිරීම එහි වෙසෙන ප්‍රජාවගේ අයිතියකි.

එහිදී එකී භූමියේ දැනට ජීවත් නොවන සංකෘතික ප්‍රජාවක් විසින් ඉතිහාස පුරාවෘතාන්ත ගෙන හැර දක්වමින් ඒ භූමියේ පල්ලි පන්සල් ගොඩනැගීමට යාම යුක්ති ගරුක නොවේ.

විශේෂයෙන්ම බෞද්ධ ඇදහිලි වතාවත් කිරීමට එහි බෞද්ධයන්ද නැත්නම් මේ ඊනියා අතීත උරුමය පසුපස ඇත්තේ වෙනත් ඇජෙන්ඩාවක් බව පැහැදිලි වෙයි.

සිංහල බෞද්ධයන්ට ආගමික වතාවත් කිරීමට ඇති තරම් තැන් දකුණේ ඇත..මදිනම් තවත් සාදාගැනීමටද හැක..ඒ සඳහා උදවු උපකාර කරන දේශපාලකයන්ද ඇති තරම් ඇත. අනික් පැත්තෙන් වෙනත් සංකෘතික ජනපිරිසක් ජීවත් වෙන භූමියකට මෙසේ කඩා වැදී ආගමේ නාමයෙන් ගැටුමක් ඇති කරගැනීමද බුදු දහමට ප්‍රතිවිරුද්ධ භාවිතාවකි..

එසේම මේ ඊනියා නිජබිම් උරුමය පිළිබඳ සංකල්පය ද තනි මිත්‍යාවකි.. මන්ද, සෑම විටම ඉතිහාසය නිර්මාණය කෙරෙන්නේ වර්තමාන ජයග්‍රාහකයාගේ ඕනෑ එපාකම් වලට අනුවය. බුදුන් වහන්සේ ලංකාවට පැමිනියා යැයි කියවෙන්නේ බුද්ධාගමේ මානසික අභිවෘද්ධිය පිනිස මිස ඒ පිළිබඳව ඇති නිවැරදි ශාක්ෂිවලට අනුව නොවේ..

අද ඇමරිකානු රාජ්‍යය ඇත්තේ මායා ශිෂ්ඨාචාරයේ නිජ බිම උඩය, හින්දු ශිෂ්ඨාචාරයේ නිජ බිම උඩ දැන් ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය පද්දතියකි.. වර්තමාන ලෝකයේ කිසිම රාජ්‍යයක් එහි අතීත නිජබිම් මතම ඇතැයි සිතිය නොහැකිය ..එබැවින් අතීත නිජබිම් උරුමයම ඉල්ලා සිටීම එක්තරා ගෝත්‍ර භාවිතාවකි..

මහා පරාක්‍රම බාහු මහා සේනාවක් රැගෙන ගොස් ඉන්දියාවේ කොටසක් අල්ලා ගත් බව මහාවංශ ප්‍රවාදවලද සඳහන් වෙයි, නමුත් එකී මහාවංස ප්‍රවාද වලට අනුව ගොස් ඉන්දියාවේ මොනයම් හෝ තැනක් අපි දැන් අල්ලාගැනීමට ගියහොත් ඉන්දියාව අපිට කොහොම සලකයිද…?

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...