ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!

Date:

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වාදෙන්නේ.

පවතින තත්ත්වය මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක් වෙනුවෙන් රු.50කට ආසන්න පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රු.15කට ආසන්න පාඩුවක් දරන බවද සඳහන්.

IOC සමාගමද පසුගිය 06 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමූ අතර එම තත්ත්වය මත සිපෙට්කෝ අලෙවි සල් වෙත ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එම ඉන්ධන සල් තුළද මිල ගණන ඉහළ දැමීමේ අවශ්‍යතාව මතුව ඇතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැති බවයි දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...