*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

පාපන්දුවේ අයිතිය පාලකයා නොව පත් කරන්නා තේරුම් ගත යුතුය

ශ්‍රී ලංකා පාපන්දුවට ජාත්‍යන්තර තහනම වැටුණේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම හේතු කරගෙනය.එය ඉවත් කිරීමට ද අමාත්‍යවරයාට මැදිහත් වන්නට විය.නමුත් එහිදී අමාත්‍යවරයාගේ මැදිහත්වීම නිසා සිඳු වූ විනාශය සේදී යන්නේ නැත.
අමාත්‍යවරයා උත්සාහ කරමින් ඉන්නේ තමන්ට නීතිමය වශයෙන් ක්‍රිඩා පණතේ ඇති යම් යම් බලතල යොදා ගෙන ක්‍රීඩා සංගම් තහනම් කිරීම සීමා පැනවීම කළත්,එය ප්‍රායෝගික නැත.ඊට හොඳම උදාහරණය ජාත්‍යන්තර පාපන්දු නියෝජිතයින් හමු වී මේ විසුරුවා හැරීමට ප්‍රථම ආ එකඟතාවයන්ය.එහිදී පිළිගත් ව්‍යස්ථාමය සංශෝධනයන් අනුව අමාත්‍යවරයා ක්‍රියා කරේ නැත.ගැටළුව හඳුනා ගැනීමේදී තවමත් අපට අත හිස වටා යවා නහය අල්ලන්නට වන්නේ එය පිළි නොගන්නා තත්ත්වයකය.නමුත් කාරණය පැහැදිළි කර ගන්නට හැකිය.තහනම ඉවත් කරමින් නිලවරණය පවත්වන්නට යන්නේ එදා ක්‍රියාත්මක නොකළ සංශෝධන එක්ක බව ආණ්ඩුවේ සල්ලි වියදම් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කරන්නට සිඳු වී ඇත.


මේ අතර යළිත් එකිනෙකාට චෝදනා කරගත් සියල්ල එකට එකතුව ඇත.ඒ චෝදනා ලිහා ගත හැකි තැන් අපට ප්‍රදර්ශණය කරමින් ඇත.මෙසේ බෙදී සිටිය අයගේ ආත්මයන් හී තැවරී තිබූ යම් යම් කුණු පැල්ලම් අනොන්‍ය අවබෝධයෙන් හෝදා හරින්නට පටන්ගෙන ඇත.මේ සංධානය ලංකාවේ දේශපාලනය පැත්තෙන් බැලුවොත් සාමාන්‍ය බලය සම්බන්ධ එකඟතාවයකි.ඒවා පවතීද බෙදී කැඩී යයි ද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත.ඒ සංධානයන්හී බලය නායකයා ද නායකයා පත් කරන පිරිස ද යන්න අභ්‍යාස කිරීමේ දුරස්ථභාවය තවමත් පවතින නිසාය.ඒ නිසා පත්කරන මහා පිරිස නායකයාගේ විශාලත්වය ගැන විශ්වාස කර නිහඬ වෙනු විනා තමන්ගේ විශාලත්වය ගැන විශ්වාස නොකරති. තමන් ලබා දෙන පන්දුව නායකයාට ඕනැම ආකාරයකට හසුරුවන්නට දී “අනේ අපොයි” ලීලාවෙන් බලා සිටිනවා හැරෙන්නට.දෙයක් බලයේ හිමිකරුවෝ නොකරති.


අලියාගේ තරම නොපෙනෙන්නට ඇසි කුඩාවට නිර්මාණය වී ඇති තැන වගේ ස්වභාවික ගැටළුවක් ගාණට අනෙක් සත්වයන්ට වඩා විශේෂ බුද්ධියක් ඇති මිනිසුන් එසේ හැසිරීම ගැටළුවකි.ගැටළුව වඩා පළල් වන්නේ ඒවා නොදන්නාකමට නොදන්නා කමට වඩා තමන්ගේ වාසියට,අනෙකා සමඟ වන නිමා නොවන වෛරයට.තමන් ගත් තීරණවල සදාකාලිකව රැදී සිටිය යුතුය යන තීරණවල රැදී සිටීම යනු අවංකභාවය යන දුර්මතයේ එලැඹ සිටීම යන සම්ප්‍රදායික වැරදිවලට එකඟවීමේ සුලබතාවය නිසාය.
දේශපාලකයාට අවශ්‍යය වන්නේ ද මේවා බිඳ දමන්නටය.බිද දමා එකිනෙකාගෙන් කේලම් ඇසීම සාමාන්‍ය තත්ත්වයය.හැමෝගෙම ඉණ බැදි පිටිය ලිහීමේ දුරස්ථපාලකය එකිනෙකාගේ උදව්වෙන් අතට ගෙන නිරුවත් කිරීමේ හැකියාව තබා ගැනීම සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදාය වන්නේය.වර්ථමානය ඊටත් වඩා ඛේදණීය වන්නේ හේතුවක් ඇතිව හෝ නැතිව තමන්ට රෙද්ද කඩන්න අයිතිය ඇති බව සිතන මුග්ධ මනසක් ක්‍රීඩාවේ දේශපාලන බලධාරියාට තිබෙන බැවින්ය.ඒ නිසා නැවත ගොඩ නඟන්නට හදන සංධානයට දුර තියාම ගල් ගසන්නට පටන් ගෙන ඇත.එය විනාශ කරන්න හදන අමාත්‍යවරයාට ක්‍රිඩාව දියුණු කරන්න සැළසුමක් නැති වීම අභාග්‍යයක් විනා සෞභාග්‍යයේ දැක්මක් ඇති බව අපිද නොකියමු.එය සෞභාග්‍ය කරා රැගෙන යාම සංධානය ආවද,නව මුහුණක් විදිහට පැමිණෙන දක්ෂිත සුමතිපාල ආව ද රැදී තියෙන්නේ පපාන්දුවේ බලය පවරන ක්‍රීඩා සමාජ ක්‍රියා කරන හැටියෙන්ය.


(අපි ඉදිරියේදී දක්ෂිත සමඟ මෙන්ම සංධානය ඉදිරිපත් කරන ප්‍රධානියා වන ජස්වර් උමාර් සමඟද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නෙමු.)
මෙහි ඇත්තේ නව සංධානයේ නාම යෝජනා පිළිගැන්වීම මෙන්ම අලුත් අපේක්ෂකයෙක් ලෙස දක්ෂිත සුමතිපාල නාම යෝජනා ලබා දෙන අවස්ථාවය.නව සංධානය නියෝජනය කරන්නේ පරණ මුහුණුය.ජස්වර් උමාර්,රංජිත් රොද්‍රිගෝ මෙන්ම වෛද්‍ය මනිල් ප්‍රනාන්දු ද ඒ කදවුරේ නියෝජිතයෝව සිටිති.දක්ෂිත සමඟ ඇත්තේ එක් නියෝජිතයෙක් හැරෙන්නට මීට පෙර පරිපාලන වගකීම්වලට අත නොතැබූ පීරිස් ය.සංධානයේ පිරිස පවසන්නේ පාපන්දු 67 න් 58 ක් ම සංධානයට එකඟ බවයි.නමුත් දක්ෂිත සමඟ සිටින්නේ ලීග 9 ක් පමණ ද යන්න සිතා ගන්නට අපහසු ඒ තරම් පැහැදිළි පරතරයක් තිබියදී දක්ෂිත ඉදිරිපත් වේද යන්න සැක උපදවන දෙයක් බැවිනි.මේ පෙනුම ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් සම්බන්ධ ඉඟි බිඟිය.වඩාත් නරක තත්ත්වය අමාත්‍යවරයාට ජාත්‍යන්තර අමතක වීමෙන් ඇති විය හැකි හානිය අමතකවීම සම්බන්ධයෙන්ය.
ඉතිහාසයේ බලය සඳහා පත් කරන නායකයා ක්‍රීඩකයා බලවත් කිරීමට ප්‍රමාණාත්මක බලයක් යෙදෙව්වේ නැත.එසේම ක්‍රීඩාවේ නියැලෙන සෑම ආකාරයකම පුද්ගලයන්ට යම් වෘත්තීයභාවයක් ඇති විය යුතු අතර ඒ ඒ දායකත්වයන්ට සම්බන්ධ වන පුද්ගලයන්ට සැළකීම සිද්ධ විය යුත්තේ සමානවය.අපි ඡන්දෙ දීලා ගෙනාපු කෙනා අපිට සළකලයි අනිත් අය දිහා බලන්න ඕනි කියන දුප්පත් සිතුවිල්ල පොහොසත් කර සිතීම පරිපාලකයාගේ සිට ඡන්ද දායකයා දක්වාම වෙනස් විය යුතුය.ඡන්දය දෙන හැටි හිතනවාට වඩා ඡන්ද දායකයා ඡන්දයෙන් පත් වී කරන වැඩ ගැන සිතිය යුතු,දැන්ම සැළසුම් සකස් කරන්නට සිතිය යුතු තත්ත්වයක් ඇත.නමුත් එසේ සිතනු ඇතැයි සිතිය නොහැක්කේ පාපන්දු ගැන නොව රට ගැනවත් නොසිතා ඉතා අඩු තක්සේරු සහිතව පෞද්ගලිකත්වය මූලික කර රට පාලනය කරන පාලකයා තීරණය කරන පුරවැසි කණ්ඩායම් අතරින්ම පාපන්දු නිලවරණයේදී ඡන්දය පාවිච්චි කරන්නන් ද තේරී තිබෙන බැවින්ය.
කෙසේ හෝ මේ නිලවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සැප්තැම්බර් 4 දා ගැනෙනු ඇත.සැප්තැම්බර් 1 සිට 4 දක්වා විරෝධතා භාරගැනීම ක්‍රියාත්මක වනු ඇත.මෙහිදී ඡන්ද දායකයා තීරණය කළ යුතු වැදගත්ම දේ මෙතෙක් කල් තමන්ගේ බෝලය අනුන්ගේ මිදුලේ පෙරලන්නට දී තමන් හුරේ තැබූ බවය.එම බෝලය මේ නිලවරණයේදී සහ නිලවරණයෙන් ඉනික්බිති උදාවෙන පාලන සමයේදී තමන්ගේ මිදුලට ගැනීම පාපන්දු ඡන්දයට දක්වන ක්‍රීඩා සමාජවල වගකීමය.එම නියෝජිතයන්ට ඒ දේ ට බලකිරීම සෑම ක්‍රීඩා සමාජයකම යුතුකමය.පිට්ටනියක කොහෙන් හෝ ලැබෙන බෝලයක් දෙපැත්තට ගැසීමට වඩා රටේ පාපන්දුව මෙහෙයවීමට පාපන්දුව හා බැදී සිටින සෑම පුද්ගලයෙක්ටම අයිතියක් හා බලයක් ඇති බව පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ රටේ හැම පුරවැසියෙක්ම තදින් අවබෝධ කර ගත් යුතුය.තමන්ට උඩින් ඉන්නේ පුද්ගලයන් කිහිප දෙනෙක්,තමන් වැනි විශාල පිරිසකගේ එකතුවෙන් තමන්ට සේවය කරන්නට බව තදින්ම අවධාරණය කරගෙන වැඩ කරන පාපන්දු නියෝජනයක් තිබෙනතාක් පාපන්දුව ඔබට අයිති නැති පිටියක තිබෙනු ඇත.
පන්දුව දෙපසට තල්ලු කිරිමෙන්ද,ඒ සඳහා ශිල්පීය ඥාණය පළල් කිරීමෙන් ද ඔබ්බට පාපන්දුව සම්බන්ධයෙන් සිදුවන්ටන වැඩක් ඇත.එය සිදු නොවී ක්‍රිඩාව ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ මට්ටමක පිටියේද දකින්නට නොලැබෙනු ඇත.මිනිස්සු වැදගත්,එහෙත් තමන්ගේ දායකත්වයේ පරිමාවට ධනවත් වෙන්නට පාරක් අවශ්‍යය වනු ඇත.පාපන්දු ඒ පාරේ රැඟෙන යන වැඩපිළිවෙක්,සැළසුමක් සහිත ප්‍රතිපත්තියක් සාථාවර වන තෙක්ම අපිට තනි ඉලක්කම්වලින්,ඉලක්කම් දෙකකින් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් ගැන හිතන්නට අපහසුය.ශේණිගත කිරීම්වල ඉහළම අගයක් ලබා දස්කම්වලින් පහළම තැනෙක රැදෙන්නට සිඳුවනු ඇත.මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්නම් එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ඔබට යන ඇත්තද අවබෝධ කර ගන්නට ලැබෙනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan