මෝල්ටා ආයෝජන ගැන අනුර කියූ දේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ , මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි .

අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බව ඔහු පැවසීය.

“අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා එක්කෙනෙක් කියනවා. කිව්වට පස්සේ තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ කියලා. ටික දවසකින් මාව හිරේ යවනවා ලු. මමත් අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරලා නෑ. එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදියට අපිට දේශපාලනය කරන්න වෙන්නේ නෑ. දවසක් පාර්ලිමේන්තුවේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා මට වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් දෙන්න මට බලය තියෙනවා කියලා. මං නැගිටලා කිව්වා, ඒ බලය තිබුණානම් ඉස්සරහා පේළියේ ගොඩක් අය ඇතුළේ කියලා. අපි මඩ, අවලාද කිසිදේකට සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මෙහෙම දේශපාලන බෙදීමක් ලංකාවේ මෑත කාලයේ සිදුවුණේ නෑ. ඒගොල්ලේ වෙන වෙන බෙදීම් හැදුවා. එකිනෙකා ඇනකොටා ගන්නා රටක් හැදුවා ඒ අය. බැහැයි පළමු වතාවට ප්‍රභූ දුෂිත පැලැන්තියට එරෙහිව පොදු ජනයාගේ ඒකාබද්ධතාවය සහිත ව්‍යාපාරය ගොඩනැගිලා තියෙනවා. ඒක තමා අවස්ථාව. මේක තමා අත්පත් කරගත යුතුම අවස්ථාව.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...