ලංවිම එස් පවර් බලාගාරයෙන් මෙගාවොට් 120ක් මිලට ගැනීම සැරසෙයි!

Date:

කොළඹ LNW:හදිසි මිලදී ගැනීම් යටතේ ඒස් පවර් මාතර සහ ඇඹිලිපිටිය බලාගාරවලින් මෙගවොට් 120 ක විදුලිය ධාරිතාවක් මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ඒස් පවර් මාතර බලාගාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මෙගවොට් විස්සක ධාරිතාවක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර, ඊට අදාල එකගතාවයන් සාර්ථකව අවසන් කරගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් මිලදී ගැනීමට නියමිත මෙගවොට් 100ක විදුලිය ධාරිතාවට අදාල මිල ගණන් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය මෙතෙක් අවසන් එකගතාවයකට පැමිණ නැති බවයි කියවෙන්නේ.

ජාතික විගණන කාර්යාලය විසින් සිදු කරන ලද විගණයකින් හෙළි වී ඇති ආකාරයට, 2016 සිට 2021 දක්වා කාලය තුළ, ඒස් පවර් බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 59,454 ක මුදලක් වැය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු අනවසර ඉදිකිරීමකට යළි ඉඩක් නැහැ – අගමැති සහතිකය වෙයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: වාර්ෂිකව ඇතිවන ගංවතුර කොළඹ ජනතාවගේ ජන...

ඉක්මන් පරීක්ෂාවකට ලක් විය යුතු බදුල්ලේ ස්ථාන හතක් හඳුනාගනී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඉක්මන් පරීක්ෂාවකට ලක්...

යුරෝපා සංගමයෙනුත් සහන පැකේජයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ...

සත්ත්ව ගොවිපල 16000 කට සිදු වූ ආපදාවෙන් හානි: රජයෙන් ලක්ෂ දෙක බැගින් වන්දි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සත්ත්ව ගොවිපල 16000...