*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව පසුබෑමක

ශ්‍රී ලංකා මීටර් 400 සහය දිවිමේ කණ්ඩායම ඊයෙ අනපේක්ෂිත පසුබෑමකට ලක් වෙමින් සිය මූලික තරගය විනාඩි 3:03.25 න් නිමා කරමින් තමන් සහභාගි වූ මූලික තරගයේ අටවන තැනට පත් විය.

ශ්‍රී ලංකාව තරගයේ යෙදුණ කණ්ඩායම් අතර හොඳම කාලීන දක්ෂතාවය දක්වා තිබුණත්,අප ඉසව්වට ප්‍රථම තැබූ සටහනෙන් ද පෙන්වා දුන්නේ අන් සියලු කණ්ඩායම් දක්වා තිබෙන හොඳම දක්ෂතාවය ශ්‍රී ලංකාවට ඉදිරියෙන් තිබෙන බවය.

නමුත් වැදගත්ම කාරණය තරගයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට සහය දිවීමේ කණ්ඩායමක් හැටියට මෙන්ම තනි තනිව හෝ ජාත්‍යන්තර පිටියේ ඉහළම දක්ෂයන් සමඟ තරග කරන්නට අවස්ථාව ලැබී නොමැතිකමය.එසේ වූවානම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉසව්ව හොඳිින් කළමනාකරණය කර ගනිමින් තමන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාය හෝ පෙන්වන්නට තිබිණි.

ශ්‍රී ලංකාව සහභාගි නොවුණු මූලික තරගය නියෝජනය කළ ඉන්දීය කණ්ඩායම ඉහළ දක්ෂතා දක්වමින් සිය මූලික තරගය විනාඩි 2:59.05 නිමා කරමින් ඇමෙරිකාවට පිටුපසින් දෙවන තැනට පත් විය.මූලික තරගාවසානයේ දක්වා තිබෙන දක්ෂතා සැළකිල්ලට ගනිද්දී එම කාලය හොඳම දෙවන කාලය වන බැවින් ඉන්දියාව අවසාන තරගයේ පදක්කම් බලාපොරොත්තුවකට සමීපව සිටින්නේය.

ශ්‍රී ලංකා කණ්ඩායම තත්පර දෙකකින් පමණ සිය හොඳම කාලයෙන් පසුපසට ඒම යම් පසුබෑමකි.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ඇති ජාත්‍යන්තර අත්දැකීම්වලට සාපේක්ෂව සළකා බලද්දී එය බරපතල නරක තත්ත්වයක් නොවන්නේය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan