ජෝර්ජියා නඩුවෙන් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 7.1 ක් ලාභයි

Date:

2020 මැතිවරණය පෙරලා දැමීමේ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව සාපරාදී චෝදනා 13ක් යටතේ විභාග වූ ජෝර්ජියා නඩු විභාගයෙන් නියම වූ ඩොලර් 200,000 ක බැඳුම්කරය ගෙවීමට රිපබ්ලිකන් නායකයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ පෙනී සිටීමත් සමග ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.1 ක් (පවුම් මිලියන 5.6 ක්) ආධාර රැස්ව ඇතිබව වාර්තා වේ.

ජෝර්ජියා නඩුවෙන් අනතුරුව පැය 24ක් තුළ ඔහු ඩොලර් මිලියන 4.18ක් රැස් කළ අතර, එය මෙතෙක් පැවති ව්‍යාපාරයේ පැය 24ක කාලය තුළ ඔහුගේ ඉහළම අගය ලෙස සැලකේන අතර මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලැබි ඇත්තේ ජනාධිපතිවරයාගේ මුහුණ සහිත මග්, ටී ෂර්ට්, බීම කූලර් වැනි වෙළෙඳ භාණ්ඩ වලිනි.

මිට අමතරව හිටපු ජනාධිපතිවරයා තවත් ප්‍රධාන නඩු දෙකක් වෙනුවෙන් පෙනී සිටින අතර, මැතිවරණය සොරකම් කරන ලද බවට ඔහුගේ සාවද්‍ය ප්‍රකාශ සහ වොෂින්ටනයේ කැපිටල් වෙත ඔහුගේ අනුගාමිකයින් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට සම්බන්ධ දෙකක් ඒවාට ඇතුළත් වේ. ජෝර්ජියා සහ කැපිටල් කෝලාහල නඩු සම්බන්ධයෙන් ඔහුගේ අධිචෝදනාවලින් සති තුනක් තුළ ඔහු ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් රැස් කර ඇත.

ට්‍රම්ප් මහතා සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඩිමොක්‍රටික් පක්ෂයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට අභියෝග කිරීම සඳහා 2024 රිපබ්ලිකන් අපේක්ෂකත්වය සඳහා වන තරඟයට ඔහු නායකත්වය දෙන බැවින් මේවා පැහැදිලිවම දේශපාලනික පලිගැනීම් බවට ඔහු තර්ක කරයි.

සශිකලා මධුෂාණි- outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...