*
Thursday, November 14, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/28

  1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ කැබිනට් අනුමැතිය ප්‍රකාරව, ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2025 ජනවාරි 01 වන දින සිට ධන බද්ද (Wealth Tax), උරුම බද්ද (Inheritance Tax), තෑගි බද්ද (Gift Tax) සහ ප්‍රාග්ධන ලාභ බද්ද (Capital Gains Tax) පැනවීමට සූදානම් බව KPMG ආයතනයේ බදු සහ නියාමන ප්‍රධානී සුරේෂ් පෙරේරා පවසයි: මෙවන් ප්‍රාග්ධන බදු “දරුණු” ලෙස සලකනු ලබන අතර ඒවා දශක ගණනාවකට ඉහත ලොව පුරා නවතා දැමූ බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  2. හිතාමතා ලැව්ගිනි ඇති කිරීමට වගකිව යුතු පුද්ගලයන් ඇල්ලීම සඳහා ආරක්ෂක බලධාරීන් නියෝග කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි: තවදුරටත් මෙවැනි ගිනි තැබීම් වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් ගිනි ගැනීම් වැළැක්වීමේ කලාප (fire belts) ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද පවසයි.
  3. MV X-press Pearl ව්‍යසනයට අදාළ රක්ෂණ සමාගම එම ව්‍යසනය නිසා සිදුවූ හානිය වෙනුවෙන් ඇ.ඩො. 878,000ක් සහ රු. මිලියන 16ක් ගෙවීමට කැමැත්ත පළ කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි: මෙම ව්‍යසනයට වන්දි ලෙස ඇ.ඩො. 6,000,000,000 (ඇ.ඩො. බිලියන හයක්) පමණ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාව ඇති බවට මීට ඉහත දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින් ප්‍රකාශ කර තිබුණි.
  4. තෝරාගත් ලක්ෂ 15 ක ප්‍රතිලාභීන්ගෙන් තොරතුරු නිවැරදිව තහවුරු කර තිබෙන ලක්ෂ 08 ක ප්‍රතිලාභීන් සඳහා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් ජූලි මාසයට අදාළ ගෙවීම් ලබන සඳු දින බැංකු වෙත ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
  5. නාරා ආයතනය සහ විදේශ අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව ‘ෂි යාන් 6’ (Shi Yan 6) නම් චීන නෞකාවට නාරා ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු කලාපයේ පර්යේෂණ සිදුකිරීමට අනුමැතිය ලබා දුන් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා පවසයි.
  6. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් සඳහා ප්‍රගතිශීලී වෙනසක් උදා කර දීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය, තරුණ කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන කොට්ඨාශය සමඟ අත්වැල් බැඳගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (Hambantota International Port Group) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලූ (Johnson Liu) පවසයි: එම කලාපයේ කුඩා පරිමාණයේ ව්‍යවසායකයන් සඳහා අර්ථවත් අවස්ථා බිහි කිර දීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය කටයුතු කරන බව පවසයි.
  7. බැංකුවල පවතින හානිකර වත්කම් පවරා ගැනීම සඳහා වත්කම් කලමනාකරණ සමාගමක් (අයහපත් ණය බැංකුවක්: Bad Loans Bank) බිහි කිරීමට භාණ්ඩාගාරය සූදානම් වන අතර, බැංකු ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා මෙම වත්කම් අත්පත්කර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යංශ නිලධාරීහු පවසති: මෙම යෝජනාව පසුගිය අයවැයෙන් අනුමත වූ මුත් ප්‍රගතිය ඉතා මන්දගාමී බව ද පවසයි.
  8. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පළමු භූගෝලීය දර්ශක (GI) සහතිකය ලත් (ලංකා) කුරුඳු නිෂ්පාදන 2023 ඔක්තෝබර් වන විට වෙළඳපොළට හඳුන්වා දීමට නියමිත බව එම මණ්ඩලයේ කෘෂිකර්ම අපනයන පිළිබඳ අධ්‍යක්ෂ ජනක් බදුගම පවසයි: මෙකී සහතිකය ලබා ගැනීම “අතිශය දුෂ්කර කාර්යයක්” වූ බව ද පවසයි.
  9. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 12,992ක් සිටිය යුතු වුව ද මේ වන විට සිටින්නේ 6,548ක් පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි: උග්‍ර බුද්ධි ගලනයක් ඇති අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමූහ වශයෙන් රට හැර යමින් සිටි බව ද පෙන්වා දෙයි.
  10. දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග සහ ළහිරු කුමාර යන ප්‍රමුඛ පෙළේ පන්දු යවන්නන් තිදෙනා ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවතට: වත්මන් ආසියානු කුසලාන ශූරයන් ලෙස, ශ්‍රී ලංකාව අගෝස්තු 31 වන දින මහනුවර පල්ලෙකැලේහි දී බංග්ලාදේශය සමඟ තරඟ වැදීමට නියමිත ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan