රාජපක්ෂලා ගැන කතා කරද්දී ඇගේ මයිල් කෙළින් වෙනවා – තිස්ස කුට්ටිආරච්චි

Date:

කොළඹ LNW:රාජපක්ෂවරුන් ගැන කතාකරද්දී ඇගේ මයිල් කෙලින් වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් පටන් ගන්න දැන් නාමල් රාජපක්ෂ සිටින බවත් ඒ අනුව තෝරාගන්නට ඇත්තේ රට සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂලා ද මිනී මරපු අනුර කුමාරලාද යන්න බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”ඊයේ අනුරගේ බත්බැලයන් මගෙන් අහනවා නාමල්ට කඩේ යන්න පිස්සුද කියලා. මම ඇහුවා එහෙම නැතිව උබේ … යන්නද කියලා. රුවන්වැලි මහාසෑය ගාව ඉද්දී මතක්වෙන්නේ දුටුගැමුණු. රට එක්සේසත් කළ නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂට කඩේයන එක වැරැද්දක් කියලා දකිනව නම් ඌ කාලකන්නියෙක්. මහින්ද රාජපක්ෂ නවත්වපු තැනින් නවත්වන්න මොළය තියෙන කෙනක් මහින්ද හැදුවා.ඒ අපේ පොඩි මහින්ද, නාමල් රාජපක්ෂ. රාජපක්ෂවරුන් ගැන කතාකරද්දී ඇගේ මයිල් කෙලින් වෙනවා. මහලේකම්ට ඇතුලෙනුත් ප්‍රහාර පිටිනුත් ප්‍රහාර.

ගහපල්ලකෝ අත්පුඩියක් …

අනුරලට, රාජපක්ෂලාට ගහන්න ඩොලර් ලැබුණා. රාජපක්ෂලාගේ දේශපාලනේ ඉවරයි කියලා හිතුවා. අපේ ගෙවල් පිච්චුවා. කිහිපදෙනෙක් මැරුවා. බැසිල් රාජපක්ෂ රටේ ඉන්නවා කියලා උන්දලට අමතක උනා. ආසන බල මණ්ඩල 100ට වඩා කරලා අවසන්. ඔය ගැම්ම ෆේස් බුක් එකටත් ගන්න. තෝරගන්න තියෙන්නේ රට සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂලා ද මිනී මරපු අනුර කුමාර තෝරගන්නවාද කියලා. සජිත් ගැන කතාකරන්න දෙයක් නෑ. සජිත් කියන්නේ ප්‍රේමදාසගේ මෝඩ පුතා.

ෆේස් බුක් එකේ තරුණයින් ටිකක් ඉන්නවා උන්ට ලොකු මාලිමාව. අනුර අදින කලිසම බෙල්ට් එක සපත්තු දෙක අනුන්ගේ ලැජ්ජයි. නාමල්ට ලැම්බෝගිනි 18ක් තියෙනවා කිව්වා සල්ලි උගන්ඩාවේ තියෙනවා කිව්වා.මම ඊයෙත් අනුරට අභියෝග කළා.
නාමල් රාජපක්ෂගේ රත්‍රං අශ්වයාගේ ෆොටෝ එකක් පෙන්නුවොත් තිස්ස කුට්ටිආරච්චි ඉල්ලා අස්වෙනවා. අනුරට හරියන්නේ මම වගේ පොල් කෝම්බ. අපිත් එක්ක එන්න හැප්පෙන්න. අනුර මෝල්ටාවේ සල්ලි ආයෝජනය කලා කියලා පෙරටුගාමීන් කිව්වා. රැට්ටලාට ලක් අම්මලාට එහෙම සල්ලි ආව නම් අනුර කුමාරලාට කොහොම සල්ලි එන්න ඇද්ද. අපි ආඩම්බරකාරී බයියන්.”
යනුවෙන් කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොරැල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...