ගැටළුවක් වී ඇත්තේ එක්  එන්නත් කාණ්ඩයක් පමණයි –  කෙහෙලිය කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  දේශීය සමාගමක් නිෂ්පාදනය කල කෝ-ඇමෙක්සික්ලොව් එන්නත් 21,000 ක් ජාතික රෝහලට ලබාදී ඇති අතර එයින් 18,000ක් භාවිත කර ඇත.

නමුත් මෙම භාවිතා කරන ලද එන්නත් 18,000 තුළ  කිසිදු ගැටළුවක් මතුවී නැතිබව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  පැවසීය.ගැටළුවක් වී ඇත්තේ එක් එන්නතක් බවත් ඔහු වැඩි දුරටත් කීය. ඔහු මේ බව පැවසුවේ ජාතික පුවත්පතක් විසින් ජාතික රෝහලේදී එන්නතක් ලබාදීම නිසා රෝගියකු මිය යෑම පිලිබදව කල විමසීමකදීය.

මෙම එන්නත් කාණ්ඩය පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් භාවිතයෙන් ඉවත් කර ඇති බව අමාත්‍යවරයා කී අතර , නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතාගෙන් කල විමසුමකදී  ඔහු පැවසුවේ මෙම මරණය සිදුවූයේ ආසාත්මිකතාවය නිසා බව සැක කෙරෙන බවයි.

සාමාන්‍යයෙන් ඇමොක්සික්ලොව් එන්නතක් ආසාත්මික වීමට ඇති හැකියාවේ අනුපාතය දහදාහකට  දෙකත් හතරත් අතර බවත් සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන අතර , ඖෂධ ගැටළු සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැතිනිය ඇතුළු ඇමතිවරු 45ක් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්...

යුදෙව් විරෝධී චෝදනා සම්බන්ධයෙන් ප්‍රංශය, ඇමරිකානු තානාපතිවරයා කැඳවයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) LNW: යුදෙව් විරෝධයට...

අපගේ පරමාර්ථය සමස්ථ දරු පරපුරටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන එක : අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

රෂිකා හෙන්නායක අගෝස්තු 25, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව...

විහස්ගෙන් විසල් දස්කමක්

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: මේ දිනවල පැවත්වෙන අවුරුදු 23...