උණුසුම් කාලගුණ තත්ත්වයෙන් දරුවන් රැකගන්න – වෛද්‍ය දීපාල් පෙරේරා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ පාසල් කාලය තුළ දරුවන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු අතර අතිරේක ජල බෝතලයක් රැගෙන ඒම වඩාත් සුදුසු බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“රස්නේ වැඩි නිසා දරුවන්ට වෙනදාට වැඩිය වතුර බෝතලයක් වැඩිපුර එවන්න. බස් එකේදීත් පාසලේදීත් ඒ වතුර බොන්න කියන්න. නැත්නම් විජලන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ස්වභාවික දියර ආහාර හා ජලය දරුවන්ට ලබාදෙන්න. දෙවනුව ගම්මානවල වතුර නැත්නම් පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. පිරිසිදු ජලය, පිරිසිදු ආහාර දරුවන්ට ලබාදෙන්න. මොකද පායන කාලය එක්කම මැස්සන්ගේ බෝවීම වැඩිවෙන්න පුළුවන්. මැස්සෝ බෝවීම එක්ක පාචනය, අතීසාරය හා උණසන්නිපාතය වැනි රෝග පැතිරෙන්න ඉඩකඩ තියෙනවා පිරිසිදු වතුර හා ආහාර ලබාදුන්නේ නැත්නම්. ඊට අමතරව පාසල් අවටත් පිරිසිදු කරගන්න. මඳුරු බෝවීම නිසා ඩෙංගු ව්‍යාප්ත වීමට ඉඩකඩ තියෙනවා. දරුවන්ට මඳුරුවන් බෝවෙන තැන් පිරිසිදු කරලා පාසලට පැමිණීමට අවස්ථාව සලසා දෙන්න.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...