මාධ්‍යවේදී චමුදිතගේ නිවසට සුදු වෑන් මැර ප්‍රහාරයක්. ගල් මුල් සහ අශූචි ගහලා … !

ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යවේදියෙකු සහ යූටියුබ් නාලිකා හිමිකරුවකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

පිළියන්දල, කේම්බ්‍රිජ් කෝට් හි පිහිටි චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අළුයම සුදු වෑන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගේ පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර ඇති මෙම මැර පිරිස එහි ප්‍රධාන ගේට්ටුව විවෘත කරගෙන අදාළ නිවසට පැමිණ ඇති අතර ගල් මුල් සහ අශූචි ප්‍රහාරයක් නිවසට එල්ල කර ඇති බව සඳහන්.

එමෙන්ම වෙඩි ශබ්ද කිහිපයක් ද තමන්ට ඇසුණු බව චමුදිත සමරවික්‍රම මහතා පවසයි.

ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇති අතර මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.

චමුදිත සමරවික්‍රම මහතා පසුගිය සමයේදී ප්‍රසිද්ධ නිරූපිකාවක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමුකිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සමග ද අර්බුදකාරී තත්වයක් ඇති කරගෙන සිටි අතර තමන්ට මරණීය තර්ජන ඇති බවට ඒ මහතා පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...