කොළඹ – නුවර මාර්ගයේ බස් අනතුරක්. එක් පුද්ගලයෙක් මරුට !

කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් බස් රථයක රියදුරා මියගොස් බස් රථ දෙකේ මගීන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් පෞද්ගලික බස් රථයක් සහ කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකි.

පෞද්ගලික බස් රථය තමන් ගමන්ගත් දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති අතර එයින් පෞද්ගලික බස් රථයේ රියදුරා මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...