කොළඹ – නුවර මාර්ගයේ බස් අනතුරක්. එක් පුද්ගලයෙක් මරුට !

Date:

කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් බස් රථයක රියදුරා මියගොස් බස් රථ දෙකේ මගීන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් පෞද්ගලික බස් රථයක් සහ කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකි.

පෞද්ගලික බස් රථය තමන් ගමන්ගත් දිශාවටම ධාවනය වූ වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුව ඇති අතර එයින් පෞද්ගලික බස් රථයේ රියදුරා මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...