කොකම් පාන කැබිනට් ඇමතිවරුන්ට පොහොට්ටුව ඇතුළෙන්ම තරවටුවක් !

Date:

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හරියාකාරව තම වගකීම් ඉටු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට ගෙනාපු විශ්වාසභංගය ගේන්නෙ වෛරීසහගතව නම් අපි ඒක පරාජය කරනවා. හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඇමතිවරුන්ටත් අපි වගකීමෙන් කියනවා, තමන්ගෙ වගකීම හරියට ඉටු නොකළොත්, මේක තමන්ගෙ බූදලයක් වගේ තියාගන්න ගත්තොත් ඇමතිවරුන්ට යම් අනතුරු හැඟවීමක් කරනවා. එතකොට විශ්වාසභංග ගේන්නෙ විපක්ෂය නෙවෙයි ආණ්ඩුව ඇතුළෙන්මයි. ඒකත් කියන්න ඕනෙ. ඇමතිවරුන්ගෙත් නිකම් ඉතිං කොකම් පාන අය ඉන්නවා නම් ඒගොල්ලොන්ට දැනගන්න කියන්න ඕනෙ. ඒගොල්ලොන් දැනගන්න ඕනෙ තමන්ගෙ අමාත්‍යාංශයක වැඩකරනකොට රටේ මිනිස්සු වෙනුවෙන් ඒක කරන්න”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...