කොකම් පාන කැබිනට් ඇමතිවරුන්ට පොහොට්ටුව ඇතුළෙන්ම තරවටුවක් !

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හරියාකාරව තම වගකීම් ඉටු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට ගෙනාපු විශ්වාසභංගය ගේන්නෙ වෛරීසහගතව නම් අපි ඒක පරාජය කරනවා. හැබැයි ආණ්ඩුව ඇතුළෙ ඉන්න ඇමතිවරුන්ටත් අපි වගකීමෙන් කියනවා, තමන්ගෙ වගකීම හරියට ඉටු නොකළොත්, මේක තමන්ගෙ බූදලයක් වගේ තියාගන්න ගත්තොත් ඇමතිවරුන්ට යම් අනතුරු හැඟවීමක් කරනවා. එතකොට විශ්වාසභංග ගේන්නෙ විපක්ෂය නෙවෙයි ආණ්ඩුව ඇතුළෙන්මයි. ඒකත් කියන්න ඕනෙ. ඇමතිවරුන්ගෙත් නිකම් ඉතිං කොකම් පාන අය ඉන්නවා නම් ඒගොල්ලොන්ට දැනගන්න කියන්න ඕනෙ. ඒගොල්ලොන් දැනගන්න ඕනෙ තමන්ගෙ අමාත්‍යාංශයක වැඩකරනකොට රටේ මිනිස්සු වෙනුවෙන් ඒක කරන්න”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...