ටෙල් අවිව් හි ප්‍රචණ්ඩත්වයෙන් පසු එරිත්‍රියානුවන් පිටුවල් කිරීමට නෙතන්යාහු සුදානම් වේ

Date:

ඊයේ (02)දිනයේදී ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි එරිත්‍රියානු පාලන තන්ත්‍රයේ ආධාරකරුවන් සහ විරුද්ධවාදී කණ්ඩායම් පොලිසිය සමඟ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් මේ වන විට 170ක් පමණ තුවාල ලබා ඇතිබව වාර්තා වේ.

මෙම ගැටුම ඇතිවීමට හේතු වුයේ, එරිත්‍රියානු රජයට විරුද්ධ ක්‍රියාකාරීන් තම රටේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් අවලංගු කරන ලෙස ඊශ්‍රායල බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමත් සමගය.

ඔවුන් එම ස්ථානය වටේ තිබූ පොලිස් බාධකයක් බිඳ දමමින් ලී, ලෝහ සහ ගල් කැබලිවලින් සන්නද්ධව වෙළඳසැල්, මෝටර්රථ ආදියට පැහැර දෙමින් ඉතාම කලහකාරීව හැසිරී ඇත. මාධ්‍ය වාර්තා කර තිබුණේ, විරෝධතාකරුවන් මර්දනය කිරීම වෙනුවෙන් පොලිසිය කඳුළු ගෑස්, ස්ටන් ග්‍රෙනේඩ් හා බැටන් පොලු භාවිතා කළ බවයි.

මේ වනවිට ඊශ්‍රායලයේ එරිත්‍රියාවේ සිට සරණාගතයින් 18,000 ක් පමණ සිටින බවට ගණන් බලා ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඊජිප්තුවේ සීනායි අර්ධද්වීපය හරහා වසර ගණනාවකට පෙර නීතිවිරෝධී ලෙස පැමිණ තිබේ. ගැටුම් වලින් අනතුරුව අගමැති බෙන්ජමින් නෙතන්යාහු නීති විරෝධී ලෙස සංක්‍රමණය වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් ඉවත් කිරීමට නව සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර ජාතික ආරක්ෂක ඇමති Itamar Ben-Gvir දැන් සැලසුම් කරන්නේ නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වූ සංක්‍රමණිකයන් විශාල වශයෙන් පිටුවහල් කිරීම නව පනතක් ඉදිරිපත් කිරීමට බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...

ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම...

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...