ඩීසැන්ටිස් බයිඩන්ව මඟහරියි

Date:

ඉඩාලියා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය නිරීක්ෂණය කිරීමට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන්, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කළ සංචාරයේදී ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ජනාධිපතිවරයා මඟහැර ඇතිබව වාර්තා වේ.

ඊයේ (02)දිනයේදී කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් නගරයක් වන ලයිව් ඕක් වෙත පැමිණි ජනාධිපතිවරයා ඉඩාලියාවෙන් විපතට පත් වූවන්ට සිය ශෝකය හා සහය ප්‍රකාශ කළ අතර මේ සතියේ ඩිසැන්ටිස් සමඟ කිහිප වතාවක් කතා කළ ජනාධිපතිවරයා සිකුරාදා(01) කියා සිටියේ තමා සහ රිපබ්ලිකන් ආණ්ඩුකාරවරයා පෞද්ගලිකව හමුවන බවයි. නමුත් ඩිසැන්ටිස්ගේ ප්‍රකාශකයා එදිනම කියා සිටියේ ආණ්ඩුකාරවරයාට බිඩෙන් හමුවීමට සැලසුමක් නොමැති බවයි.

වාර්තාකරුවන් විසින් මේ සම්බන්දයෙන් බයිඩන්ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කර තිබුණේ, තමා හමු නොවීමට ඩීසැන්ටිස්ට වෙනත් හේතු තිබෙන්නට ඇති බවත්, ඔහුගේ සංචාරය සැළසුම් කිරීමට තමාට උදවු කළ බවත්, ඔවුන්ගේ සංවාදවලට දේශපාලනය සම්බන්ධ නොමැති බවත්ය.

44 හැවිරිදි රොන් ඩිසැන්ටිස්, 2024 ජනාධිපතිවරණයේදී බයිඩන්ට එරෙහිව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්ව සඳහා තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටිනමුත් ඔහු සිටින්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිටුපසිණි. අනෙකුත් රිපබ්ලිකන් අපේක්ෂකයින්ට සාපේක්ෂව ඉදිරියෙනි.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...

Cadge Bird වෙනුවෙන් ලංකාවට ආ රුවැත්තී “Varalaxmi Sarath Kumar”

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : "Cadge Bird" නැමති...

විපක්ෂ නායක ඇතුළු සජබ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකගේ හැසිරීමට විරෝධයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : විපක්ෂ නායක සජිත්...