මේ මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද (04) දිනයේදී ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බවයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.
මේ වන විට ගෑස් මිල ගණන් පවතින්නේ කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,982 ක්, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198 ක් හා කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561 ක් වශයෙනි.
RN