තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවයි

Date:

ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ මහතාට පෙබරවාරි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.

ඒ, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බව කියමිනි.

මීට පෙරත් විවිධ අවස්ථාවන්හි දී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් සීඅයිඩීයට කැඳවා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණු අතර මෑතකදී එසේ ප්‍රකාශ සටහන් කරගත් ෂෙහාන් මාලක ගමගේ නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාව අද (14) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ද ගෙන තිබිණි.

මෙසේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ට බලපෑම් කිරීමට සහ ඔවුන්ව බිය වැද්දවීමට පොලිසිය උත්සාහ කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි විරෝධයක් පළවන ආකාරය ද දැකගැනීමට හැකි විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...