*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඩොලර් මිලියන 300ක ආයෝජනයෙන් පණ යළි ගන්වයි

ශ්‍රී ලංකාවේ වසර 30කට අධික කාලයක් ක්‍රි​යා විරහිතව තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව බිල්ට් ඔපරේෂන් සහ ට්‍රාන්ස්ෆර් (BOT) ගිවිසුම යටතේ එ​හි මුල් ආයෝජකයා වන M G Sugars Lanka (Pvt) Ltd නව ඉඩම සිංගපූරු සමාගමක් වන SLI Development Pvt. Ltd. සමාගම හා ඒකාබද්ධව පුනර්ජීවනය කර ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් වන බව මුදල් අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාවකින් සඳහන් කර ඇ​ත.

මෙම ගිවිසුමට අනුව ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සඳහා කොටස්වලින් සියයට 85ක් සි​ංප්පූ​රු ආයෝජකයාට සහ සියයට 15ක් රජයට ලබාදීමේ පදනම මත මෙම කර්මාන්ත ශාලාව සහ ඉඩම සිංගප්පූරු සමාගමට වසර දහයකට බදු දීමට නියමිතය. මීළඟ කොටස් හිමිකාරීත්වයේ අනුපාතය සියයට 75 සිට සියයට 25 දක්වා වෙනස් කෙරෙන අතර BOT ගිවිසුමේ අවසානය දක්වා සියයට 25 ක කොටස් අඩු කිරීමේ පදනමට අනුව වෙනස් වෙමින් පවතී.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පුනර්ජීවනය කර ප්‍රතිව්‍යුහගත කර දිනකට උක් ටොන් 4000ක් සකස් කර වසරකට සීනි මෙට්‍රික් ටොන් 72,000ක් නිෂ්පාදනය කිරීම, එතනෝල් නිෂ්පාදනය, සහ කිරි නිෂ්පාදන සඳහා නව ආයෝජන ගිවිසුමෙන් අවසර ලබා දීමට නියමිතය.

මෙමගින් වාර්ෂිකව සෘජු පරිභෝජන සීනි ටොන් 80,000ක් දේශීය වෙළෙඳපොළට නිෂ්පාදනය කෙරෙන අතර, එමගින් ආනයනික සීනි සඳහා ගෙවීමේදී වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක පමණ විදේශ විනිමය ඉතිරියක් සිදුවේ.

යෝජිත ව්‍යාප්තිය සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රමිකයින් පිරිසක් පුහුණු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ අනුව රටපුරා වක්‍ර රැකියා අවස්ථා 10,000-15,000ක් නිර්මාණය වනු ඇත.

1960 ගණන්වල කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආසියාවේ විශාලතම සීනි නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙස සලකනු ලැබූ අතර එමඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 10,000 ක් පමණ සපයනු ලැබීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan