පාර්ලිමේන්තුව සතු වගකීම හා කාර්යභාරයනිවැරදිව තේරුම්‌ ගැනීම ඉතා වැදගත්‌ වේ – කරු ජයසූරිය

Date:

විධායක ජනාධිපති ක්‍රමය පදනම්‌ කර ගත්‌ 1978 ආණ්ඩුක්‍රම වාවස්ථාව හේතුවෙන්‌ යම්‌ සීමාවන්ට නතු වීමට සිදු වී නිබුණ ද පාර්ලිමේන්තුව සතු බලය නිවැරදිව තේරුම්‌ ගනිමින්‌ ඒ මඟින්‌ විය යුතු කාර්යයභාරය මැනවින්‌ ඉටු කිරීම සියළු පක්ෂ නායකයන්‌ ද ඇතුළු සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම වන බව සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරය නැවත නැවතත්‌ අවධාරණය කරනු කැමැත්තෙමු.

එමෙන්ම සමස්ත ජාතිය කෙරෙහිම බලපෑමක්‌ ඇති කරන ඇතැම්‌ වැදගත් කරුණු මුල්‌ කරගනිමින්‌ පොදු ක්‍රියාමාර්ගයන්ට අවතිර්ණ වීම හා වාද විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. එසේ වුව ද පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම හා යුතුකම වනුයේ “රාජ්‍යපාලනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි” මෙහි දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යම් පසුබෑමක් ඇති බව පෙනේ.

මේ රටේ ඉදිරි අනාගතයට විශාල වශයෙන්‌ බලපෑමක්‌ කළ හැකි නීති හා අණපනත්‌ ගනණාවක්‌ ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය සැළකීමේ දී පාර්ලිමේන්තුව ඒ පිළිබඳව වඩා වැඩි අවධානයක්‌ යොමු කල යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මේ රටේ අද බලාත්මකව ඇති ඇතැම්‌ අණපනත්‌ මේ වන විට අවුරුදු සියයකටත්‌ වඩා පැරණි ඒවා බව අප අමතක නොකළ යුතුය. ඒවා නූතන ලෝකයට ගැලපෙන ආකාරයට සංශෝධනය කල යුතුව තිබේ. ඒ සඳහා ද මූලික වගකීම හා කාර්යයභාරය පැවරී ඇත්තේ අපගේ පාර්ලිමේන්තුවට ය.

එබැවින්‌ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම ගරු මන්ත්‍රීවරුන්ගෙන්‌ අප ඉල්ලා සිටින්නේ රට මුහුණ දී ඇති බැරෑරුම්‌ තත්ත්වය ද ඒ තුළ ජනතාව පෙළමින්‌ සිටින අසීරුතාවයන්‌ හා ඔවුන්‌ ඉදිරියේ ඇති අවදානම ද සැලකිල්ලට ගෙන රටේ අනාගතය උදෙසා සාධනීය පියවරයන්ට යොමු වන ලෙසට ය.

කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරය.
08.09.2023

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගරාධිපති සටන : රීසා සාරුක්ට අත්සන් 62ක් !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා විපක්ෂයෙන් තරග...

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...