වැසි ලැබුණත් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළට

Date:

සටහන – නදීක දයා බණ්ඩාර(මහනුවර)

දිවයින පුරා ප්‍රදේශ ගණනාවකට මහ වැසි ඇද හැලුණත් විදුලිබලාගාර ආශිත මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශ සඳහා මේ වන තුරු ප්‍රමාණවත් වැසි නොලැබී තිබේ.

ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම් මතු වුව ද මහවැලි ගංගාව ආශ්‍රිතව මධ්‍යම කඳුකරයේ පිහිටි කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙනිගල ජලාශවල ජල ධාරිතාව පවතින්නේ තවමත් පහළ මට්ටමකය.

ඒ අනුව කියුබික් ඝන මීටර් මිලියන 801ක උපරිම ජල ධාරිතාවක් යුතු රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 3.8%ක මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද (11) නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන්ය.

වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 26.1%කි. කොත්මලේ 48.5%ක් වන අතර මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව 10.9%කි. බෝවතැන්න හා කළුගඟ ජලාශයේ ජල ධාරිතාව සමස්ථ ජල ධාරිතාවයෙන් 70.4%ක් හා 61.4%ක යන මට්ටමේ පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධීකාරී දත්ත වාර්තාවේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...