ලිබියාවේ අදෝනාව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිබියාවේ ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව නිසා වේලි දෙකක් කැඩී යාම සිදු වූ අතර, එහි දී මුහුදට ආසන්න නගර කිහිපයක් විනාශ වී ගොස් ඇත.

තවද, දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසන අතර ඒ ආසන්නයේ නගරවල ජීවත් වූ විශාල පිරිසක් අධික ජල පහර හේතුවෙන් මුහුදට ඇදී ගොස් ඇති බවද පවසයි.

බලධාරීන් පවසන්නේ, ඉන් 5,000ක් පමණ මියගොස් ඇති බවත් 10,000කට අධික පිරිසක් අතුරුදන් ව ඇති බවත් සහ තවත් විශාල පිරිසක් ඉන් අනතුරට පත් ව ඇති බවත්ය. මේ වනවිට ලිබියාවේ පාලනය කණ්ඩායම් දෙකක් සතු ව ඇති අතර, සහන කටයුතු සඳහා ඔවුන් එකතුව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම අසල්වැසි රාජ්‍යවලින් සහන කණ්ඩායම් මෙන්ම දිවි බේරී ඇති පිරිස් සඳහා ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා අසල්වැසි රටවල් ඉදිරිපත් වී ඇති අතර , වේලි කැඩී යාමෙන් අනතුරු ව සුනාමි මෙන් ඇති වූ ජලපහර නිසා, ගම් විශාල ගණනක් විනාශ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...