බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්වරයා සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් (VIDEO)

Date:

බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (14) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මෙම හමුවේදී මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වත්මන් රජය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් මැතිවරණ නියමිත වේලාවට නොපැවැත්වීම සහ මැතිවරණ දිගින් දිගටම කල් දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස්වරයාව දැනුවත් කරන ලදී.

මේ අවස්ථාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ඩැනියෙල් ෂෙරී ද එක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...

ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රීය වේ: අද (10)කාලගුණය

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : දිවයින හරහා ඊසානදිග...

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...