මව්බිම ජනතා පක්ෂය මිලදී ගත්තේ නෑ – දිලිත් ජයවීර

Date:

මව්බිම ජනතා පක්ෂය තමන් විසින් මිලදී ගත් බවට පළව ඇති වාර්තා අසත්‍යය බව එම පක්ෂයේ නායක, දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතා සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ.

“ලොව සිදුවන සියලු ගනුදෙනු මුදලට සිදුවනු ඇතැයි සිතීම අවැඩදායකවේ .

මව්බිම ජනතා පක්ෂයේ බහුතර තනතුරු මා සහ තවත් ( සාපේක්ෂව ) තරුණ පිරිසක් වෙත ලබා දීමට මා දිගු කලක් ඇසුරු කල ,අපේ ආදරණීය හේමා අයියා ( ආචාර්‍ය් හේමකුමාර නානායක්කාර මහතා) කටයුතු කලේ එම පක්ෂයේ වැඩිහිටි ,දැන උගත් මෙන්ම ගරු කටයුතු උත්තරීතර මන්ඩලයේ ඒකමතික තීරණයෙනි. ඊට බලපෑ කරුණ වූයේ අප ඔවුන් වෙත ඉදිරිපත් කල “නව දේශපාලනය ආඛ්‍යානය” මිස අන් කිසිවක් නොවේ. මෙය පක්ෂයක් මිලදී ගැනීමක් ලෙස දැක්වීම එම ගෞරවනීය මහත්ම මහත්මීන්ට කරන නිගරුවක් ලෙස දැනේ.

දෙවනුව , මා මිත්‍ර රංජිත් විජයවර්ධන සහ සුජාන් විජේවර්ධන, ඔවුන්ට හිමි Daily Mirror පුවත් පතේ “GR TO BACK new political party “ ප්‍රධාන ශීර්ශය යටතේ පලකොට ඇති ලිපිය එනයින්ම අසත්‍ය කරුණු ඇතුලත් ලිපියකි . ඔවුන් මෙය නිවැරදි කරනු ඇතැයි සිතමි”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...