දින 09 ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 08 සිට නැවත සේවයට වාර්තා කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.
දින 14 ක කාලයක් සඳහා වර්ජනය අත්හිටුවන බව පවසන වෘත්තීය සමිති, එම කාලසීමාව තුළ තම ඉල්ලීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට අවස්ථාව ලබාදෙන බව සඳහන් කරනවා. මේ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අපේක්ෂා කරන බවද වෘත්තීය සමිති පවසයි.
UN