ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයන්ට ජපානයේදී රත්තරන්

Date:

WFF ආසියානු සහ පැසිපික් කලාපීය කායවර්ධන සහ ශාරීරික නිරූපණ තරගාවලිය සැප්තැම්බර් 17 වන දා, ජපානයේදී නිමාවට පත් වුනා. එහිදී බර පන්ති දෙකකින් රන් පදක්කම් ලබාගන්නට ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් වන රුවන් රණසිංහ සහ සුමිත් චන්දන සිල්වාට හැකි වුණා.

රුවන්රණසිංහ අවුරුදු 50 න් ඉහළ තරගයෙන් ජයගත් අතර සුමිත් චන්දන සිල්වා ජයගත්තේ කිග්‍රෑම් 70 – 75 බර පංතියෙන් තරග වදිමින්.


මේ තරගයට ඉදිරිපත් වුණ අකිල ශාමික Sports model අංශයෙන් හතර වන ස්ථානයට පත් වුණා. Jean model අංශයෙන් තරංග සංජීව පස්වන ස්ථානයද ලබාගත්තා.මේ දිනවල ශ්‍රී ලාංකිකයන්ට විදෙස්ගතවීමේදී ජපානය වැනි රටවලින් වීසා ලබා ගැනීමේදී විවධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිඳු වීම සාමාන්‍ය දෙයක් වුව ද,මේ අවස්ථාවේ දී ජපාන තානාපති කාර්යාලය සහභාගි වූ ක්‍රීඩකයන්ට වීසා ලබා දීමට විශ්වාසයෙන් කටයුතු කිරීම නිසා ක්‍රීඩකයන්ට බාධාවක් නොවුණ බව මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කළ South Asian Academy of Sport Science ජපාන තානාපති කාර්යාලයට ස්තූතිය පුද කරමින් පවසනවා.
ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ අවුරුදු 50 න් ඉහළ තරගය ජයගත් රුවන් රණසිංහයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...