ජනාධිපතිගෙ වැරැද්දක් නෑ කාබනික වැ‌ඩේ අල උනේ නිළධාරීන් නිසා (Video)

Date:

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූ පරිදි කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සාහ කළ නමුත් ඊට අවශ්‍ය සැළසුම් සකස් කරන පුද්ගලයන්ගේ අවිධිමත් ක්‍රියාකලාපය හේතුවෙන් එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අසාර්ථක වූ බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල අසාර්ථකවීමට වගකිව යුත්තේ ජනාධිපතිවරයා නොව නිළධාරීන් බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පොරොන්දු වූයේ වසර 10 ක් තුළ පියවරෙන් පියවර සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කරා යොමුවීමට වන නමුත් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව වසර 05 ක් තුළ එම ඉලක්කය සපුරා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළ බවත්, ඊට අවශ්‍ය සැළසුම් සකස් කරන්නැයි නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් ගොඩහේවා මහතා පවසනවා. කෙසේ නමුත් නිළධාරීන් විසින් වසර 05 ක් සඳහා සැළසුම් කිරීම පසෙක තබා ගැසට් පත්‍රයක් මගින් රසායනික පොහොර තහනම් කර කාබනික වගාව ප්‍රචලිත කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් අවාසනාවන්ත තත්වයක් උද්ගත වූ බවත් ඔහු පෙන්වා දෙනවා.

වසර 30 කට සැළසුම් කර තිබූ මහවැලි ව්‍යාපාරය වසර 06 කින් අවසන් කිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් පියවර ආදර්ශයට ගත්තේ නම් කාබනික ව්‍යාපෘතියද සාර්ථක කර ගැනීමට හැකියාව තිබූ බව ගොඩහේවා මහතා පවසනවා. එදා මහවැලි ව්‍යාපාරය වසර 06 කින් අවසන් කිරීමට තීරණය කර ඒ සඳහා ගාමිණී දිසානායක මහතාට සියලු බලතල ලබා දී අවශ්‍ය සැළසුම් සකස් කළ බවත් ඒ අනුව එම ව්‍යාපෘතිය සැළසුම් කළ පරිදි අවසන් කිරීමට හැකි වූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

ඒ ආකාරයෙන්ම කාබනික ගොවිතැන සඳහාද වසර 05 ක සැළසුමක් සකස් කර එම සැළසුමට අනුව කටයුතු කළේ නම් රටේ සමස්ත ජනතාවගේම සහයෝගයද ලබා ගැනීමට හැකිව තිබූ බව නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...