ඇඩ්වර්ටයිසිං ලෝකය (52) : පාටිය

Date:

ඇඩ්වර්ටයිසිං ලෝකය ඒ කාලයේ පාටිවලින් පිරුණු ලෝකයකි.

පාටිවලට හේතු ඕන නැත.

ඕනම පාටියකට හේතුවක් ප්ලාන්ට් කර ගැනීම සුළු දෙයකි.

මේ පාටිය වූ කලි ඇඩ්ඩා ගිය පාටිවලින් ආතල්ම පාටියයි

මේ පාටිය දුන්නේ සෙලින්කෝ ටීම් එකට ය.

සෙලින්කෝ එක සමග වැඩ කිරීමට නම් කටු ස්පෙෂලිස්ට්ලා විය යුතුය.

එහෙම කට්ටක් නම් මේ ජීවිත කාලේ පුරාම කන්න ලැබෙන්නේ නැත.

සෙලින්කෝ නිසා කටු කෑවේ ඒජන්සියේ සිටි අප විතරක්ම නොවේ.

අප වෙනුවෙන් සෙලින්කෝ දැන්වීම් හදන්න ගිය නිෂ්පාදන සමාගම්වලට ද මේ කට්ට කෑමට සිදු විය.

Screenshot 2023 09 19 at 15.51.27
මේ පාටිය දුන්නේ සෙලින්කෝ vip දැන්වීම් වැඩිම ප්‍රමාණයක් හදන්න දායක වූ ක්‍රියේටිව් ෆෝර්ස් ආයතනයෙනි.

PHOTO 2023 09 19 12 42 21 2

ප්‍රියන්ත

වැඩේ ඕගනයිස් කළේ ක්‍රියේටිව් ෆෝර්ස් ප්‍රධානි ප්‍රියන්ත කොලඹගේ ය.

පාටිය තිබුනේ හොටෙල් ජානකී එකේ ය.

මේ පාටියට සහභාගි වූ ග්‍රාන්ට්ස් කණ්ඩායමට චතුර, අනුරුද්ධ, ඉසුරු, නිපුන හා අද අප අතර නැති ජූඩ් ද අයත් වූහ.

වැඩේ පැවැතියේ ජානකී එකේ වෙනම කෑල්ලක ය.

පාටිය තිබුනේ අපි හැමෝටම වුනත් අන්තිමට ඒක චතුර ගේ පාටියක් වුයේය.

රෑ 10 විතර වනවිට බෝතල් යම් ප්‍රමාණයක් හිස් වි තිබුණි.

චතුරPHOTO 2023 09 19 12 42 21

ඒ වෙනකොට චතුරයාගේ මීටර් අවුට් ය.

අපි ඔහුගේ වීදුරුව අයින් කලෙමු.

” තෝ දැන් බයිට් විතරක් කකා හිටපිය” කිව්වාට චතුර ඇහුවේ නැත.

තමන්ට වැඩි නැති බව පෙන්වීමට දැන් චතුරයා එක එක විකාර කරයි.

වීදුරුව අතට ගෙන වැඩ දායී.

එහෙත් ඒ හැම ක්‍රියාවකම ප්‍රතික්‍රියාව වශයෙන් පෙන්නුම් කෙරුණේ චතුරයාට හොඳටම වැඩි බවය.

ඒක නොතේරුනේ චතුරයාට විතරමය.

ඌ දැන් අපේ වීදුරු බලෙන් උදුරාගෙන බොයි.

වැඩි වේලාවක් මේ සෙල්ලම පැවතුනේ නැත.

පුටුවකුත් පෙරලාගෙන නැගී සිටි චතුරයා කබරයා දාන්න පටන් ගත්තේය.

ක්ෂණික විහිදුම් බලකාය මෙන් වහා ක්‍රියාත්මක වූ ඉසුරු චතුරයාගේ කකුල් දෙක අස්සෙන් අත දමා ඔසවා වඩාගෙන කෙලින්ම දිව්වේ වොෂ් රූම් එකටය.

ඉසුරුPHOTO 2023 09 19 12 42 20                                 

ඊට පස්සේ ඔපරේෂන් එක තිබුනේ ඉසුරුට ය.

චතුරයාව හෝදා, පිරිසිදු කර යලි මේසය වෙතට වඩම්මවා ගෙන එන ලදි.

ඒ වෙනුවෙන් පුදුමාකාර කට්ටක් කෑවේ ඉසුරු ය.

සෙලින්කෝ වැඩ කළත්, සෙලින්කෝ වෙනුවෙන් බොන්න ගියත් කට්ටක් කන්න වෙන බව අපට වැටහුණේ එදාය.

චතුරව ගෙදර ගෙන ගොස් බැස්සවීම බාර වුනේ මට ය.

ජානකී හෝටලයේ සිට ගෙදර යනතුරාම චතුර වරින් වර කාර් එක තුල කබරයා දැම්මේය.

ඔහුව බැස්සූ සැණින් නිවසට දිව ගියේ සිග් සැග් ක්‍රමයට ය.

ඒ ගිය වේගයට දොර උළුවස්සේ වැදුණු සලකුණ තාමත් චතුර ගේ නළලේ තිබේ.

ඉන් පසු දින තුනක් යනතුරු චතුර වැඩට ආවේ නැත.

ඔහු යලි සේවයට වාර්තා කිරීමට නම් අප විසින් කොන්දේසියක් සැපිරිය යුතුව තිබුණි.

එනම්, මේ කබරයා දැමූ සිද්ධියට අදාළව ඔහුට විහිළු නොකරන බවට අප පොරොන්දු විය යුතුය.

චතුර යලි වැඩට ආවේ අප එම පොරොන්දුව දුන් පසුව ය.

පසු කලෙක පැවැති චතුරගේ වෙඩිං එක දා විශේෂ මේසයක් වෙන් කර තිබුණි.

ඒ මේසයේ වාඩි වූයේ එදා ජානකී හෝටලයේ සාදයට ගිය පිරිස ය.

එහිදී එදා පාටිය දුන් ප්‍රියන්ත කොළඹගේ මෙසේ කීවේය.

උඹලට බොන්න දුන්නට වඩා සල්ලි ගියා මට ජානකී එක හෝදන්න…!”

(ඇඩ්ඩා විසින් ලියන ලදි)

theleader.lk

email sharing button

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...