සජිත්ගෙන් සමන්තුරේ රෝහලට රු. ලක්ෂ 30ක උපකරණ පරිත්‍යාගයක් ! (PHOTOS)

0
261

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 44වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (15) සමන්තුරේ මූලික රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව,

  • රුපියල් 1,200,000 වටිනා Highflow Therapy Machine යන්ත්‍ර 2ක්
  • රුපියල් 295,000 වටිනා Multipara Monitor යන්ත්‍ර 2ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙලෙස පරිත්‍යාග කරනු ලැබිණි.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 43ක් තුල ලක්ෂ 1192 (රුපියල් 119,242,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here