මතුගම වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

Date:

මතුගම බාලිකා පාර ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි තිදරු මවක් බව සඳහන්.

මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඝාතකයින් දෙදෙනා පැමිණ ඇත්තේ අදාළ කාන්තාවගේ සැමියාව ඝාතනය කිරීමට බවට පොලිසිය සැක කරයි. ඔහු ඒ වනවිට නිවසේ සිට ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් වී නොමැත.

එම වෙඩිතැබීම සිදුවූ ස්ථානයෙහි තිබී ටී 56 උණ්ඩ කොපු 06ක් හමුවී ඇත.

මියගිය කාන්තාවගේ දේහය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...