මතුගම වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

මතුගම බාලිකා පාර ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 38 හැවිරිදි තිදරු මවක් බව සඳහන්.

මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඝාතකයින් දෙදෙනා පැමිණ ඇත්තේ අදාළ කාන්තාවගේ සැමියාව ඝාතනය කිරීමට බවට පොලිසිය සැක කරයි. ඔහු ඒ වනවිට නිවසේ සිට ඇති නමුත් වෙඩි ප්‍රහාරයෙන් ඔහුට හානියක් වී නොමැත.

එම වෙඩිතැබීම සිදුවූ ස්ථානයෙහි තිබී ටී 56 උණ්ඩ කොපු 06ක් හමුවී ඇත.

මියගිය කාන්තාවගේ දේහය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...