මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ ගොඩකිරීම් තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්!

Date:

කොළඹ LNW:මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතියේ ජා – ඇල කලාපයේ ගොඩකිරීම් සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලබා දී ඇති අනුමැතිය තාවකාලිකව වහාම අත්හිටුවන ලෙස ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඉල්ලා සිටියේය.

ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව කිසිදු අවස්ථාවක අනුමැතිය ලබා දී නොමැති විට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපයේ ඉඩම් ගොඩ කිරීමට අනුමැතිය ලබා දුන්නේ කුමන පදනමකින්ද? යන්න එහිදී ඔහු ප්‍රශ්න කර සිටින ලදී.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු තුනකදී මුතුරාජවෙල අධි සංවේදී කලාපයේ අදාළ ගොඩකිරීම් නවත්වන්නැයි උපදෙස් ලබා දී තිබියදී කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට ඉඩ ලබා දිය නොහැකි බවයි ලන්සා මහතා අවධාරණය කළේ.

කතෝලික සභාව, ආගමික නායකයින්, පරිසර සංවිධාන, මහජනතාව ඇතුලු සියලු කේෂ්ත්‍රයන්ගේ විරෝධය එල්ල වෙමින් තිබියදී මෙලෙස කටයුතු කිරීම ගැන අපගේ දැඩි අප්‍රසාදය පළ කරසිටින බවද ඔහු පැවසුවේය.

අවම වශයෙන් විෂයභාර අමාත්‍යවරයා හෝ දැනුවත් කිරීමක් නොකර එම කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ක්‍රියාකලාපය බරපතල වැරදි සහගත ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා මෙන්ම විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු අනුකමිටු දැනුවත් කර අදාළ ක්‍රියාමාර්ග ගන්නා තුරු එම ගොඩකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණි.

පරිසරය,ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවිට තවත් පිරිසකට ඒ පරිසරය විනාශ කිරීමට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි බවත් මුතුරාජවෙල අධි සංවේදී පරිසර කලාපය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත්, සීමීත පිරිසකට පරිසරය විනාශ කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...