දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරනවා – IMF නියෝජිතයින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (27) දින මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර ඔවුන් පසුගිය දා ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් සමාලෝචනය සඳහා මෙරටට පැමිණ ඇත.

මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශ වල වෙනස් කම් සිදුවිය යුතු බව , එහිදී අදහස් දැක්වූ එම නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් මහතා පවසා ඇත.

තවද ප්‍රධන වශයෙන් බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන්ද එම නියෝජිතයින් විවිධ කාරණා පෙන්වා දී තිබුණි..

“නුදුරේදීම මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පිවිසීම සඳහා පළමු සමාලෝචනය යටතේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා පවත්වනවා. ඒ සමගම අපි කැමතියි මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කරන්න. පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට අපිට තව කාලය ටිකක් අවශ්‍යයි…”

ලෙස පීටර් බ්රූවර් මහතාමහතා කරුණු දක්වා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි කොටස නිදහස් කිරීම පමා වෙතැයි අනුමාන කෙරෙන අතර , ඒ සඳහා නියමිත කාල පරාසයක් නොමැති බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්රූවර් මහතා පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...