කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සිය විස්තීරණ ප්‍රගතිය එළිදක්වයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW): කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව විසින් 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාව ආවරණය වන පරිදි සිය විස්තීරණ ප්‍රගති වාර්තාව එළිදක්වා ඇති අතර, කොළඹ වරාය නගරය සංවර්ධනය සහ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය (SEZ) සඳහා නීතිමය රාමු සකස් කිරීමෙහි කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරයි.

ප්‍රමුඛතම ආයෝජන ගමනාන්තයක් සහ වර්ධනය වෙමින් පවතින “දකුණු ආසියාවේ දොරටුව” ලෙස ව්‍යාපෘතියේ ප්‍රගතිය අවධාරනය කරයි.

කොළඹ වරාය නගරය තුළ ප්‍රත්‍යස්ථ ව්‍යාපාරික පරිසර පද්ධතියක් ගොඩනැගීමට ඇති කැපවීම තහවුරු කරමින් මෙම වසරේ මුල් මාස අට පුරාවටම කොමිෂන් සභාව ප්‍රධාන නීතිමය සන්ධිස්ථාන අත්පත් කරගෙන ඇති බව එය අවධාරණය කරයි.

සී/ස ආසිරි පෝට් සිටි හොස්පිටල් ලිමිටඩ් සමඟ ආසිරි පෝට් සිටි හොස්පිට්ල් බදු ගිවිසුම අත්සන් කරන ලද අතර, SEZ තුළ අති නවීන රෝහලක් ස්ථාපිත කිරීම සඳහා නිශ්චිත කොන්දේසි සහිතව කල්බදු ගිවිසුම් සහ ආයෝජක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට එමඟින් මග පෑදීය.

2023 අංක 01 දරන කොළඹ වරාය නගර (තීරු-නිදහස් මෙහෙයුම්) රීති ද මැයි 22 දින ගැසට් පත්‍රයේ යොමු අංක 2333/14 යටතේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ලෝක මට්ටමේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සමඟ ගිවිසුමක් සමඟින් කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ විකල්ප ආරවුල් විසඳීමේ සේවා සැපයීමට ද කටයුතු කෙරෙනු ඇත.

කොළඹ වරාය නගර සංවර්ධන පාලන රෙගුලාසි (DCR) ද යාවත්කාලීන කර ජුනි 2 වැනි දින අංක 2334/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.

වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර (BSI) ලෙස වර්ගීකරණය කරන ලද ව්‍යාපාරවලට සහාය වීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර නිර්මාණය කරන ලද විශේෂ දිරිගැන්වීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම වැඩසටහන අගෝස්තු 4 වැනි දින අංක 2343/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී.

කොළඹ වරාය නගරය තුළ වේගවත් ප්‍රගතිය ආර්ථිකයට මහත් රුකුළකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...