පකිස්ථානයේ මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීමේ උත්සවයකදී බෝම්බයක් පුපුරා යාමෙන් 6 දෙනෙකු මරුට

Date:

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීමේ රැලියකදී බෝම්බයක් පුපුරයාම හේතුවෙන් අවම වශයෙන් 6 දෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල කරුවන් බොහෝ දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වන අතර මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සන්නද්ධ කණ්ඩායමක් භාරගෙන නොමැත.

පකිස්ථානයේ සහ ලොව පුරා සිටින මුස්ලිම්වරු අද(29) දිනයට යෙදෙන මුහම්මද් නබිතුමාගේ උපන්දිනය මහජන රැස්වීම් පැවැත්වීමෙන් උත්කර්ෂයෙන් සමරණු ලබයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...