දකුණු පළාතට නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත , දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව විසින් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අනුව හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදා ගැනීම සඳහා දකුණු නාවික විධානය මගින් ගාල්ල, අකුරුස්ස, අතුරලිය සහ තවලම යන ප්‍රදේශ වෙත එක් සහන කණ්ඩායම බැඟින් හා කඹුරුපිටිය ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් දෙක බැඟින් යොමු කර ඇති බව වාර්තා වේ.

නාවික හමුදාව පැවසුවේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් සූදානමින් තබා ඇති බවයි.

තවද, ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ග හරහා ඉදිකර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් සිදු කර ඇති අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇදහැලෙන තද වැසි හේතුවෙන් ගිං ගගෙහි ජල මට්ටම ඉහළ යාමත් සමග ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිංගග හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීමෙන් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවදානම වැළැක්වීම සඳහා නාවික හමුදාව එම මෙහෙයුම සිදු කර ඇත.

තවද, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා ආප‍දා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය ක‍ටයුතු සිදු කිරීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගං වතුර අවදානම මඟහැරවීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...