සියල්ලට වඩා දරුවන් වටී ! ලෝක ළමා දිනය අදයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද ඔක්තෝම්බර් පළමුවෙනිදා, දරුවන්ගේ දවස. මෙවර තේමාව ” සියල්ලට වඩා දරුවන් වටී“ යන්නයි.

ගෙවෙන සෑම දිනයක්ම දරුවන්ගේ වන නමුත් ලොව පුරා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලෝක ළමා දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

දරුවන්ට නිදහසේ දුවපැන නටන්න, සෙල්ලම් කරන්න, ඉගෙන ගන්න , නිරෝගීව ඉන්න යහපත් පරිසරයක් ගොඩ නැගීම ව්ඩිහිටි අප කාගෙත් යුතුකම සේම යහපත් සමාජයක් උදෙසා අද දවසේ ගුණයහපත් දරු කැලක් බිහිකිරීමේ වගකීමද වඩිහිටියන් වන අපගේ වගකීමකි.

මේ වන විට ලොව පුරා සිටින ළමා ජනගහනය බිලියන 2 ක් වන අතර, වර්තමානයේ රටේ ඇතිවී තිබෙන විවිධ ගැටලු හමුවේ ළමා අපයෝජන වර්ධනය වීමේ අවධානමක් ඇතැයි, ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා සිටී. එහි සභාපති උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජනවල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවත් , වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ආර්ථීක සහ සමාජීයීය තත්ත්වයන් හමුවේ ළමුන් පිළිබඳ දැඩි අවධානයෙ යොමු කළයුතු බවයි.

ඇතැම් විට, වීදි කොනේ අසරණ දරුවන් කුසට අහරක් නොමැතිව දුක් විදිනු දක්නට ලැබෙන අතර තවත් දරුවන් ඉතා ප්‍රීතියෙන් හිනාසෙනු දැකීම දරුවන්ගේ ලෝකයේද විශමතා ඇති බවට නිදසුන් නොවේද?

සෑම දරුවකුම සතුටින් සිටිය යුතුය. ඔවුන්ට එක දවසක් නොව සෑම දවසක්ම කුස පිරෙන ,සතුට ඉතිරෙන දවසක් විය යුතුය. කුරුළු පියාපතක් සේ ඔවුන්ගේ නිදහස් ලෝකයේ ඉගිළ යාමට ලස්සන හෙට දවසක් උදා විය යුතුය !

ළමා ලෝකයේ කිරුළු දරන්නට දැයේ දරුවන්ට ශක්තිය ලැබේවා ! LNW අපගේ ප්‍රාර්ථනයයි !!!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...