විනිසුරුගේ ඉල්ලා අස්වීම : ඇමති ටිරාන්ගෙන් CIDයට නියෝගයක් !

Date:

මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා මහතා සේවයෙන් ඉල්ලා අස්වී රටහැර යාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව සඳහන්.

ටී. සරවනරාජා මහතා යනු හින්දූන් සහ බෞද්ධයින් යන දෙපාර්ශ්වයම අයිතිවාසිකම් කියා පාන කුරුන්තිමලේ පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් නඩුව විභාග කළ විනිසුරුවරයා ය.

ඒ මහතා සැප්තැම්බර් 23 වන දින අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ තම ජීවිතයට එල්ල වී ඇති තර්ජන නිසා සහ අධික ආතතිය නිසා දිසා විනිසුරු තනතුරින්, මහේස්ත්‍රාත් තනතුරින්, පවුල් අධිකරණ විනිසුරු තනතුරින්, ප්‍රාථමික අධිකරණ විනිසුරු තනතුරින්, සුලු හිමිකම් අධිකරණ විනිසුරු තනතුරින්, බාලක අධිකරණ විනිසුරු තනතුරින් ඉල්ලා අස්වන බවයි.

ඒ මහතා ඊට පසු දින මෙරටින් පිටව ගොස් ඇති බව ද වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...