ඇමෙරිකානු තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක් (VIDEO)

Date:

ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් (Julie J. Chung) මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (02) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

මේ අවස්ථාවට ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන් මහතා (Matthew Hinson) ද එක් විය.

එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අදහස් හුවමාරු විය.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාව පීඩාවට පත්ව ඇති අයුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇමෙරිකානු එක්සත් ජනපද තානාපතිවරිය ඇතුළු පිරිස දැනුවත් කරමින් පැහැදිලි කරන ඇත.

ඊට අමතරව වත්මන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරමින් නියමිත දිනට පැවැත්වීමට සැලසුම් කර තිබූ මැතිවරණ කල් දැමීමත් ජනතාව මර්දනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන විවිධ පනත් සම්බන්ධයෙන් ද එහිදී ඔවුන්ව දැනුවත් කරන ලද බව සඳහන්.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ද එක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...