ආණ්ඩුවට දැන් ඉන්ධනවලින් ලාභයි – ඇමති කංචන

Date:

කොළඹ LNW:ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රු. 62කින් සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීම නිසා ලීටරයකින් ශත 61ක ලාභයක් ලබන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සුපිරි ඩීසල් ලීටරයකින් ආණ්ඩුව රු.103.64ක බද්දක් අයකරන බවද ඔහු කියාසිටියි.

මේ අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 01ක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 39ක්ද ඩීසල් ලීටරයකින් ශත 51ක්ද භූමි තෙල් ලීටරයකින් ශත 15ක් ද සංස්ථාව ලාභ ලබන බව සඳහන්.

එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු.104.92ක බද්දක් අයකරන විට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු 126.71ක බද්දක් අය කරනු ලබයි. ඩිසල් ලීටරයකින් රු.80.15ක්ද භූමිතෙල් ලීටරයකින් රු.03.02ක බද්දක්ද අයකරමින් තිබේ.

සංස්ථාව මෙලෙස ලාභ ලබන තත්ත්වයට පත් වුවද අමාත්‍යවරයා පවසන්නේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ සිනොපැක් සමාගම පෙට්‍රල් සහ ඩිසල් කාණ්ඩ හතරෙන්ම පාඩු ලබන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...