උසස් පෙළ කාලසටහන හෙට – සාමාන්‍ය පෙළ විභාගයත් ලබන මැයි දක්වා පස්සට!

Date:

කොළඹ LNW:2023 වර්ෂය සඳහා නියමිත උසස්පෙළ විභාගය සිසුන්ගේ ඉල්ලීම මත සහ ජනාධිපතිවරයාගේ ද උපදෙස් පරිදි ජනවාරි 4 සිට 30 දක්වා පැවැත්වෙන අතර කාල සටහන හෙට දින නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (05) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ අනුව අලුතෙන් විභාගයට අයදුම්කරන සිසුන් සඳහා හෙට සිට දින 04ක් මාර්ගගත පද්ධතිය ක්‍රියාත්මක බවයි ජයසුන්දර මහතා සඳහන් කළේ.

මේ අතර දැනට විභාගයට අයදුම් අකර තිබෙන අයට සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙනම කාලයක් ලබා දීමටද නියමිතයි.

සාමාන්‍ය පෙළ විභාගයද මීට සමාගාමීව කල් යන අතර ලබන මැයි මස දක්වා එම විභාගය කල් යනු ඇති බවයි ජයසුන්දර මහතා පැවසුවේ.

ශිෂ්‍යත්ව විභාගයද මෙම මස 15 වැනිදා පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක බවද ඔහු කියාසිටියේය.

”ආපදා තත්ත්වයකදි විදුලිය ඇණහිටීම්, ප්‍රවාහනය පිළිබද සියල්ල සැලසුම් කරල තියෙනවා. ත්‍රිවිධ හමුදා, පොලිස් ආපදා, ආදී සියලුම ආයතන සමඟ සම්බන්ධව කටයුතු කරනවා. ඩෙංගු සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කරල සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් බවට පත්කර තිබෙනවා.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...