එක්ස්ප්‍රස් පර්ල් හානියෙන් විපතට පත්වූවන්ට ගෙවූ වන්දි පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තාවක් ඉල්ලයි !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගියදා මහත් කතා බහට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් විපතට පත් ධීවර පවුල් වලට මේ දක්වා ගෙවා ඇති වන්දි මුදල් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නීතිපතිවරයාට නියෝග කර තිබුණි.

මෙම නියෝගය කර තිබුණේ, එම අනතුරින්, තම රැකියාව අහිමි වූ ධීවරයින්ට වන්දි ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන්, ධීවර සංගම්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කීපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී ය.

මෙම පෙත්සම් , මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (05) කැඳවනු ලැබූ අතර, එහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා වෙත ප්‍රශ්නයක් යොමුකරමින් අදාළ නෞකා අනතුරින් විපතට පත් ධීවර ජනතාවට මේ වනවිට කොපමණ මුදලක් ගෙවා තිබේ දැයි ප්‍රශ්න කර ඇත. මේ පිළිබඳව කරුණු සොයාබැලීමකින් තොරව පිළිතුරක් ලබා දිය නොහැකි බව, ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...

කොබෙයිගනේ පොලීසියේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුත් මරුට !

සොරකමකට පැමිණි බවට සැකපිට ගම්වාසීන් පිරිසක් විසින් අල්ලාගෙන කොබෙයිගනේ...

හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

පොලිස් භාරයේ සිටි තරුණයකු මියයාමේ සිද්ධියට අදාළව වැඩතහනමකට ලක්කර...

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...