ගෝලීය රග්බි ගාලු යයි

Date:

ලෝක රග්බි සම්මේලනය විසින් ලොව පුරා රග්බි ක්‍රීඩාව ප්‍රජාව අතර ප්‍රචලිත කරම්න් නංවාලීම සඳහා අත- හිත දීමට ක්‍රියාත්මක කරන Get in Rugby (GIR) ගෝලීය වැඩ සටහන පෙබරවාරි 17 දා ගාල්ල ශාන්ත අලෝසියස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීය.

වර්ශ 1991 දී පිහිටුවන ලද රුහුණු පළාත් රග්බි සංගමය මේ වන විට ක්‍රීඩා සමාජ 8 ක් පිහිටුවමින් පළාත් තුළ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට උත්සාහ දරන බව එහි වත්මන් සභාපති සංජිව ලක්මාල් ජයවර්ධන පෙන්වා දුන්නේය.මීය වදර කිහිපයකට පෙර ජාතික තලයේ ක්‍රියාත්මක වූ ගාලු රග්බි ක්‍රිඩා සමාජයේ මතකය අවදි කළ සභාපතිවරයා අමේන්ද්‍ර කුමාර, දිනූෂා ද සොයිසා වැනි ජාතික ක්‍රීඩකයන් පසුගිය කාලයේ පිරිමි කණ්ඩායමට එක් කිරිම සමබන්ධයෙන් ආඩම්බර වෙන බව පැවසීය.එසේම රන්දිකා කුමුදුමාලි, සංජීවනී ද සිල්වා, දසුනි ද සිල්වා සහ සමන්තා ජයමාලි වැනි කාන්තා ක්‍රීඩිකාවන් පිළිබඳ මතකය අවදි කළ ඔහු, වත්මන් සංචිතයේ නිපුනි රසාංජලී, මධුෂානි අරලිය, දිලිනි කාංචනා සහ වත්මන් කාන්තා ජාතික කණ්ඩායමේ නායිකා දුලානි පල්ලිකොන්දගේ සම්බන්ධයෙන් රුහුණු පළාත් රග්බි සංගමයට ඇති බැදීමද මෙනෙහි කළේය.

Get in Rugby (GIR) වැඩ සටහන වෙනුවෙන් සහභාගි වීමට පාසල් 16කින් පැමිණි දරු දැරියන් අතර පිරිමි ළමුන් 285ක් සහ බාලිකාවන් 31ක් විය.ඔවුන් ඒ ආකාරයට පෙළ ගස්වන්නට පළාත් රග්බි පුහුණුකරුවන් විසින් දක්වන ලද උනන්දුව සහ උද්යෝගය ප්‍රශංසනීය මට්ටමක පැවතිණි.එහිදී වැඩ සටහනට සහභාගි වූ පාසල් සඳහා ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය හරහා යොමු කර තිබුණු පරිත්‍යාග ප්‍රදානයක්ද සිඳු වූ අතර මෙම අවස්ථාවට ආරාධිතයෙක් මෙන්ම අධීක්ෂක්යෙක් ලෙස ද ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්යාස් ද එක්ව සිටියේය.

SLR හි සභාපති – රිස්ලි ඉල්යාස් මහතා විසින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, වැඩසටහනට සහභාගී වූ සියලුම පාසල් වෙත ආසියානු රග්බි හරහා ලෝක රග්බි විසින් පරිත්‍යාග කරන ලද බෝල බෙදා දෙන ලදී.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...