ගෝලීය රග්බි ගාලු යයි

ලෝක රග්බි සම්මේලනය විසින් ලොව පුරා රග්බි ක්‍රීඩාව ප්‍රජාව අතර ප්‍රචලිත කරම්න් නංවාලීම සඳහා අත- හිත දීමට ක්‍රියාත්මක කරන Get in Rugby (GIR) ගෝලීය වැඩ සටහන පෙබරවාරි 17 දා ගාල්ල ශාන්ත අලෝසියස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීය.

වර්ශ 1991 දී පිහිටුවන ලද රුහුණු පළාත් රග්බි සංගමය මේ වන විට ක්‍රීඩා සමාජ 8 ක් පිහිටුවමින් පළාත් තුළ රගර් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට උත්සාහ දරන බව එහි වත්මන් සභාපති සංජිව ලක්මාල් ජයවර්ධන පෙන්වා දුන්නේය.මීය වදර කිහිපයකට පෙර ජාතික තලයේ ක්‍රියාත්මක වූ ගාලු රග්බි ක්‍රිඩා සමාජයේ මතකය අවදි කළ සභාපතිවරයා අමේන්ද්‍ර කුමාර, දිනූෂා ද සොයිසා වැනි ජාතික ක්‍රීඩකයන් පසුගිය කාලයේ පිරිමි කණ්ඩායමට එක් කිරිම සමබන්ධයෙන් ආඩම්බර වෙන බව පැවසීය.එසේම රන්දිකා කුමුදුමාලි, සංජීවනී ද සිල්වා, දසුනි ද සිල්වා සහ සමන්තා ජයමාලි වැනි කාන්තා ක්‍රීඩිකාවන් පිළිබඳ මතකය අවදි කළ ඔහු, වත්මන් සංචිතයේ නිපුනි රසාංජලී, මධුෂානි අරලිය, දිලිනි කාංචනා සහ වත්මන් කාන්තා ජාතික කණ්ඩායමේ නායිකා දුලානි පල්ලිකොන්දගේ සම්බන්ධයෙන් රුහුණු පළාත් රග්බි සංගමයට ඇති බැදීමද මෙනෙහි කළේය.

Get in Rugby (GIR) වැඩ සටහන වෙනුවෙන් සහභාගි වීමට පාසල් 16කින් පැමිණි දරු දැරියන් අතර පිරිමි ළමුන් 285ක් සහ බාලිකාවන් 31ක් විය.ඔවුන් ඒ ආකාරයට පෙළ ගස්වන්නට පළාත් රග්බි පුහුණුකරුවන් විසින් දක්වන ලද උනන්දුව සහ උද්යෝගය ප්‍රශංසනීය මට්ටමක පැවතිණි.එහිදී වැඩ සටහනට සහභාගි වූ පාසල් සඳහා ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය හරහා යොමු කර තිබුණු පරිත්‍යාග ප්‍රදානයක්ද සිඳු වූ අතර මෙම අවස්ථාවට ආරාධිතයෙක් මෙන්ම අධීක්ෂක්යෙක් ලෙස ද ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්යාස් ද එක්ව සිටියේය.

SLR හි සභාපති – රිස්ලි ඉල්යාස් මහතා විසින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, වැඩසටහනට සහභාගී වූ සියලුම පාසල් වෙත ආසියානු රග්බි හරහා ලෝක රග්බි විසින් පරිත්‍යාග කරන ලද බෝල බෙදා දෙන ලදී.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...